ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඔස්ට්‍රේලියා තුන්කොන් තරගාවලියක්

286

වයස වුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ඔස්ටේ්‍රලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම සහ එංගලන්ත වයස වුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ලබන මාර්තු 28 වැනි දා සිට අප්‍රේල් 09 වැනි දා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය පන්දු වාර 20-20 සහ පන්දුවාර 50 යන ආකෘති දෙක යටතේම පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම තරගාවලිය හම්බන්තොට සහ ගාල්ලේ දී පැවැත්වෙන අතර, සෑම කණ්ඩායමක්ම පන්දු වාර 20-20 තරග 04ක් සහ පන්දුවාර 50 තරග 02ක් බැගින් ක්‍රීඩා කිරීමට නියමිත වේ.

එම මූලික අදියර අවසානයේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.


advertistmentadvertistment