ශ්‍රී ලංකා නවසීලන්ත පන්දු වාර 20-20 ගැටුම අද ආරම්භ වේ

222

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (08 වැනිදා) පෙ.ව. 10.00 ට කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.

තරගාවලිය සියලු තරග පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එම සියලු තරග පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතය.

චාමරි අතපත්තු ගේ නායකත්වයෙන් යුතුව තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනකු ඇතුළත්ව සිටිති.

ජූලි මස 12 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරග 3 කින් සමන්විත තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ඉකුත්දා නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුකර නොමැත.

ශ්‍රී ලංකා නවසීලන්ත පන්දු වාර 20-20 ගැටුම අද ආරම්භ වේ

නවසීලන්තය සඳහා නම් කරන ලද කණ්ඩායමද ඊට පෙර පැවැති බංග්ලාදේශ කාන්තා පිලට එරෙහි තරගාවලියට නම් කරන ලද කණ්ඩායමම වීම කැපී පෙනෙන අතර තරගාවලි 3 ක් සඳහා නම් කරන ලද කණ්ඩායම් 3 ම එකම හෝ වෙනස් කමක් සිදු නොකිරීම කැපී පෙනෙයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලිය 1-0 ක් ලෙස ජය ගැනීමට අමතරව ඉතිහාසයේ පළමු වතාවට ද්වී පාර්ශ්වික තරගාවලියක් සඳහා මෙරටට පැමිණි නවසීලන්ත පිලට එරෙහි තරගාවලියද 2-1 ක් ලෙස ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කළේය. තරගාවලියේ අනෙක් තරග ජූලි 10 සහ 12 යන දිනවලදී ද පැවැත්වේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, අනුෂ්කා සංජීවනී, හසිනි පෙරේරා, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, ඕෂධී රණසිංහ, සුගන්දිකා කුමාරි, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනී, හංසිමා කරුණාරත්න, ඉනෝෂි ප්‍රනාන්දු, කාව්‍යා කාවින්දි, ඉමේෂා දුලානි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment