ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිට අස්වෙන්න කියා 11 වැනිදා විරෝධතාවක්

110

දූෂණ විරෝධී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනය විසින් (ජයිකා) ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ලබාදුන් රුපියල් මිලියන 20කට ආසන්න මුදලක් අවභාවිතා කිරීම සහ එකී ව්‍යාපෘතිය සඳහා සම්පත්දායකයන් තෝරාගැනීමේදී විනිවිද භාවයකින් තොරව කටයුතු කිරීම යන චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාට එම ධුරයෙන් ඉවත්වන ලෙසට බලකිරීමේ විරෝධතාවක් ලබන 11 වැනිදා පස්වරු 1.00ට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට පැවැත්වෙන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා දිවයිනට පැවසීය.

පසුගිය 30දා පැවති සිය නීතිඥ සංගමයේ මාසික සභා රැස්වීමේදී එකී තීරණය ගත් බවත් ලබන 10 වැනි දිනට පෙර චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් විමර්ශන කටයුතු අවසන් වනතුරු තාවකාලිකව හෝ ඉවත් නොවුණහොත් දැඩි විරෝධතා ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment