ශ්‍රී ලංකා පොලිසිය සංවිධානය කළ “පුදමු මුනිඳු බැති ගීයෙන්” භක්ති ගී ප්‍රසංගය නැරඹීමට ජනපති එක්වෙයි

30

2024 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ “පුදමු මුනිඳු බැති ගීයෙන්” වෙසක් බැති ගී ප්‍රසංගය කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වුණු අතර එය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක් විය.

ශ්‍රී ලංකා පොලිස් බටහිර තූර්ය වාදන කොට්ඨාසයේ සංගීතයෙන් සහ ශ්‍රී ලංකා පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ නර්තනයෙන් විචිත්‍රවත් වූ මෙම බැති ගී ප්‍රසංගය සඳහා ආරාධිත ගායන ශිල්පීන් සහ ශිල්පිනියන්ද එක්ව සිටියහ.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානී ගුණතිලක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති දේශබන්දු තෙන්නකේන් යන මහත්වරුද ජනාධිපතිවරයා සමඟ වෙසක් බැති ගී ප්‍රසංගය නැරඹීමට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා පොලිසිය සංවිධානය කළ “පුදමු මුනිඳු බැති ගීයෙන්” භක්ති ගී ප්‍රසංගය නැරඹීමට ජනපති එක්වෙයි
advertistmentadvertistment
advertistmentadvertistment