මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුවකුගේ ලකුණු පිළිබඳව නැවත පරීක්ෂාවක් සිදුකරගැනීමට අවශ්‍ය වන්නේ නම් ලබන 27 වැනිදා සිට දෙසැම්බර් 04 වැනිදා දක්වා මාර්ගගතව අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
මේ ගැන වැඩිදුර විමසීම් 1911 ක්ෂණික ඇමතුම් අංකයට හෝ 0112-784208/ 0112-784537/ 0112-786616/ 0112-785922 යන පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ දුරකථන අංකවලට අමතා දැන කියාගත හැකිය.
මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයට සිසුන් තුන්ලක්ෂ තිස්අටදහස් තිස්හත් දෙනකු (338,037) අයැදුම් කළ අතර, ඉන් සිසුහු තුන්ලක්ෂ තිස්දෙදහස් නවසිය හතළිස් නව දෙනෙක් (332,949) විභාගයට පෙනී සිටියහ.
ඒ අනුව කඩඉම් ලකුණෙන් ඉහළ ශිෂ්‍ය සංඛ්‍යාව පනස්දහස් හයසිය හැටහතරක් ලෙස (50,664) සටහන් වී ඇත.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා