ශූරතාව මහනුවර මහාමායා බාලිකාවට – සමස්ත ලංකා පාසල් ක්‍රීඩා ටයිකොන්ඩෝ තරගාවලිය

158

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා ටයිකොන්ඩෝ තරගාවලියේ වයස අවුරුදු 20න් පහළ බාලිකා ශූරතාවය මහනුවර මහාමායා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් විසින් දිනාගැනීමට පසුගියදා සමත්විය.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ සංගමය එක්ව සංවිධානය කළ මෙම තරග ඉකුත් දා රත්නපුර, සබරගමු පළාත් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

මෙහිදී මහනුවර මහමායා බාලිකා විද්‍යාලය ටයිකොන්ඩෝ කණ්ඩායම නියෝජනය කරමින්, කිලෝ ග්‍රෑම් 67 – 73 බර පන්තියේ ප්‍රථම ස්ථානය නදිනි මොළගොඩ, කිලෝ ග්‍රෑම් 57 – 62 බර පන්තිය දෙවන ස්ථානය සෙනුරිමා විජේකෝන්, කිලෝ ග්‍රෑම් 49 – 53 බර පන්තිය තෙවන ස්ථානය, රනුදි වන්නිආරච්චි, කිලෝ ග්‍රෑම් 73 ට වැඩි බර පන්තිය, තෙවන ස්ථානය ලසිනි සේනානායක යන ක්‍රීඩිකාවන් විසින් දිනා ගන්නා ලදි.

ජයග්‍රාහී කණ්ඩායම් නායිකාව ලෙස රනුදි වන්නිආරච්චි කටුයුතු කළ අතර පුහුණුකරු ලෙස රවිමල් ගුණරත්න මහතා කටයුතු කළේ ය.

ඡායාරූපය – ජයග්‍රාහී ටයිකොන්ඩෝ ක්‍රීඩා කණ්ඩායම පුහුණුකරු සමග


advertistmentadvertistment