සංචාරක ඇස පිනවන මෙරට මුහුදු වෙරළ 8ක් නිල්ධජ වෙරළ තීර කෙරේ

72

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් මෙරට වෙරළ තීර 28 ක් නිල්ධජ වෙරළ තීර 28 ක් බවට පත් කිරීමට අවධානය යොමුව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එහි මුල් අදියර යටතේ උණවටුන, බෙන්තොට, පාසිකුඩා හා ආරුගම්බේ යන වෙරළ තීරයන්වල නිල්ධජ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. එම වෙරළ තීරයන් සංචාරක අමාත්‍යාංශයේ උපදෙස් මත තෝරාගෙන ඇත.

සංචාරක අමාත්‍යාංශය විසින් මේ වන විටත් රුපියල් මිලියන 32 ක මුදලක් ආරුගම්බේ හා පාසිකුඩා නිල්ධජ වෙරළ තීර වැඩසටහන වෙනුවෙන් වෙන් කර තිබේ. අදාළ මුදල් දැනටමත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට මුදාහැර ඇති බව පවසන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නියාමන ව්‍යාපෘතියක් වන පාසිකුඩා වෙරළ තීරය මෙම වසර අවසාන වන විට නිල්ධජ වෙරළ තීරයක් බවට පත් කිරීමට හැකිවනු ඇතැයි ද පවසයි.

ශ්‍රී ලංකාවේ තෝරාගත් වෙරළ කලාප තුළ නිල්ධජ වෙරළ තීර නිර්ණායක සපුරාලීමෙන් සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට හැකිවන අතර එමගින් එම කලාපවල පරිසරය ආරක්ෂා කිරීම, සංචාරකයන් සඳහා ප්‍රමාණවත් පහසුකම් සැපයීම, සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම හරහා සංචාරක කර්මාන්තයේ දියුණුව සමගම අදාළ කලාපයේ ජනතාවගේ ජීවන තත්ත්වය ද ඉහළ නැංවීමට ද හැකියාව ලැබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment