එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් ගන්න තිබූ ඩොලර් බිලියන 10ක වන්දියත් මුහුදේ ගිල්වලා

140

පුබුදු ජයගොඩ

මුහුදුබත් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් ලබා ගැනීමට තිබූ ඩොලර් බිලියන 10 ක වන්දිය ද මෙරට බලධාරීන් විසින් මුහුදේ ගිල්වා ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (18 දා) පැවසීය.

නුගේගොඩ එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.

ලබන මැයි මස 19 වැනිදායින් පසු එම නැවට එරෙහිව ශ්‍රී ලංකාවේ නඩු පැවරීමට ඇති හැකියාව අහිමි වී යන බව ද පැවසූ ජයගොඩ මහතා එම තත්ත්වය දැන දැනම නීතිපති දෙපාර්තමේන්තුව මුනිවත රකිමින් සිටින්නේ යැයි ද කීවේය.

“රටට ලබා ගැනීමට තිබූ වන්දි මුදල අහිමි කිරීම පිටුපස ලංකාවේ කුප්‍රකට මුහුදු මංකොල්ලකාර දිය රකුස් ඉන්නවා. ඔහු ඩොලර් මිලියන දෙතුන් සීයක ඩීල් දාලා රටට ලැබෙන්න තිබ්බ ඩොලර් බිලියන 10 ක වන්දිය අහිමි කර තිබෙනවා” යයිද ජයගොඩ මහතා කීවේය. අයි.එම්.එෆ්. එකෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9 ගැන උජාරුවෙන් උදම් අනන ආණ්ඩුව නැවෙන් ලබා ගැනීමට තිබූ ඩොලර් බිලියන 10ක වන්දිය අතහැරීම පිටුපස ඇති ඩීල් එක කුමක්ද කියා වහාම රටට හෙළි කළ යුතු යැයි ද හෙතෙම කීවේය.

නැව ගිනිගත්තේ ශ්‍රී ලංකාවේදී. එම නැවට අදාළ රක්ෂණ සමාගම එංගලන්තයේ එකක්. මේ රටවල් දෙකේදීම නඩු පවරන්නේ නැතිව නැව අයිති සිංගප්පූරුවේ එම නඩු පවරන්න හදනවා. මේක හොරාගෙ

අම්මගෙන් පේන ඇහීමක්. මෙසේ

සිංගප්පූරුවේ නඩු පවරන්න හදන්නෙ වන්දි ගන්න නෙවෙයි, බේරුම්කරණයට. මෙවැනි අසාධාරණකම්වලට එරෙහිව රටේ ජනතාව නිහඬව ඉන්න එපා යැයි ද ජයගොඩ මහතා කීවේය. නැවේ වන්දි අතහැර දැමීමට කටයුතු කරන සියලුම බලධාරීන්ට එරෙහිව මහජන අධිකරණයක් හමුවේ විමර්ශනයක් කළ යුතු යැයි ද හෙතෙම පැවසීය.
අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment