ආණ්ඩුවේ බියගුළු වැඩක්

338

ජන බලයක් නැති, නිල බලයක් පමණක් ඇති ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස හැසිරෙමින් ගාලු මුවදොර පිටියත් තමන්ගේ අභිමතයට පමණක් භාවිත කිරීමට තීරණය කිරීම දැඩිව හෙළා දකින බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු, වසන්ත සමරසිංහ මහතා “දිවයින”ට ඊයේ (18 දා) පැවසීය.

ජනාධිපතිවරයාත්, රජයත් මහජනතාවට බිය වී ඇති බවත් මෙවන් කරුණු හරහාත් සහ ඡන්ද කල් දැමීමෙනුත් පිළිබිඹු කරන්නේ එය බවත් හෙතෙම පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයට ගාලු මුවදොර හෝ ඒ ආශ්‍රිතව ජාතික අවුරුදු උළෙල, මියැසි ප්‍රසංග පැවැත්විය හැකියි. නමුත් මේ අයිතිය හැමෝටම ලැබෙනවාද? මේ ජනපතිවරයා සහ ආණ්ඩුව ජනතා ද්‍රෝහීව කටයුතු කරමින් රටක ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝන කරනවා. මේ රජයට හෝ ජනාධිපතිවරයාට ජන බලයක් නැහැ. ව්‍යවස්ථාවෙන් ආරෝපණය කර ගත් නිල බලය යොදා ගනිමින් තමයි මේ අය ජනතා ද්‍රෝහී තීරණ ගන්නේ යැයි ද වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment