සංචාරක ගමනාන්තයන්හි ඇති අවදානම් සහ එම අවදානම් සඳහා මුහුණදීම පිළිබඳව දැනුම හුවමාරු කිරීමේ වැඩසටහනක් පසුගියදා ඇල්ල එජ් (Ella Edge) හෝටල් පරිශ්‍රයේදි පැවැත්විණි. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සංචාරක අධ්‍යයන අංශය සහ ඌව පළාත් සභාව එක්ව සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසින් මෙම වැඩසටහන සංවිධානය විය. එම පර්යේෂණයේදී ඇල්ල ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය වෙත බලපෑම් ඇතිකරනු ලබන ස්වාභාවික සහ මානව ක්‍රියාකාරකම් නිසා සිදුවන අවදානම් හඳුනාගැනීම මෙන්ම හඳුනාගත් අවදානම් අවම කරගැනීම සඳහා උපායමාර්ගික සැලසුම් ඉදිරිපත් කිරීම අරමුණු විය.
මෙම වැඩසටහන සඳහා දිවයිනේ විවිධ පළාත් සභාවන් නියෝජනය කරමින් සංචාරක දෙපාර්තමේන්තු නිලධාරින්, ඌව පළාතේ සංචාරක හෝටල් කළමනාකරුවන්, ඇල්ල සංචාරක කර්මාන්ත සංගමයේ නිලධාරින්, බණ්ඩාරවෙල ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයෙහි විදුහල්පතිතුමා මෙන්ම ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සංචාරක අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරුන් ඇතුළු මහත්ම මහත්මීහු රැසක් සහභාගි විය. මෙම උත්සවයේ ප්‍රධාන දේශනය ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සංචාරක අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය රුවන් රණසිංහ මහතා විසින් සිදුකරන ලදි. තවද මෙම වැඩසටහනට සමගාමීව රාවණා ඇල්ල ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක් මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා වැදගත් වූ සැලසුම් කිහිපයක් සකස් කිරීම ද සිදුවිය.