සජබ 4ක් ලංසලාට?

9088

සමගි ජන බලවේගයේ ප්‍රබල මන්ත්‍රීවරුන් සිව්දෙනකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ නිමල් ලන්සා ඇතුළු නව සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර ඉතාම රහසිගත හමුවක් පසුගියදා බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටලයක පවත්වා ඇත.

මෙම හමුව සඳහා පැමිණි සජබ මන්ත්‍රීවරුන් ඔවුන්ගේ ආරක්ෂකයින් පවා ඒ සඳහා සහභාගි නොකරගෙන සාකච්ඡාව සඳහා පැමිණීමට වගබලා ගෙන ඇති අතර නව සන්ධානය සමග ඔවුන් එක්වන්නේ කෙසේද, එසේ පැමිණෙනවා නම් එය සිදු වන්නේ කෙසේද යන්න මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

ඒ අනුව මෙම සජබ මන්ත්‍රීවරුන් සිව්දෙනා බොහෝ දුරට වැල්ලවායේදී නව සන්ධානයේ රැලියට ගොඩවීම සඳහා දැනටමත් සියලු කටයුතු ඉතාමත් රහසිගතව සිදුවෙමින් තිබේ.

අකිත පෙරේරා


advertistmentadvertistment