සජිත්ගේ ‘සැමට සෙවණ’ අතරමඟ නතර වුණු නිවාස 45,117ක වැඩ නිම කිරීමට කැබිනට් අනුමැතිය

42

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2015-1019 වකවානුවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ‘සැමට සෙවණ’ නිවාස වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් වැඩ ආරම්භ කර අතරමඟ නවතා දමා තිබූ නිවාස 45,117ක වැඩ අවසන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එවක ව්‍යාපෘති 07ක් යටතේ නිවාස ඉදිකිරීම් ආරම්භ කර අතරමඟ නැවතී තිබූ මෙම නිවාසවල වැඩනිම කිරීමට 2025 අය-වැය ඇස්තමේන්තුව හරහා ප්‍රතිපාදන වෙන්කරවා ගැනීමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.

ආදර්ශ ගම්මාන වැඩසටහන, විසිරි ණය (ආධාර) වැඩසටහන, ග්‍රාම ශක්ති විසිරි ආධාර, විසිරි ණය වැඩසටහන, විරු සුමිතුරු, වකුගඩු ආධාර, ගංවතුරෙන් හානි වූ උතුරේ නිවාස ඉදිකිරීම යන ව්‍යාපෘති 07 මෙසේ නතර වී තිබිණි.


චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment