සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සණස සබැඳි අත්වැල වැඩසටහන් මාලාව යටතේ ගංවතුරෙන් අවතැන් වූ ප්‍රදේශ රැසකට සහනාධාර බෙදා දුන්නේය. දිවයිනේ ප්‍රදේශ රැසකට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ගංවතුරෙන් අපිරිසිදු වූ සණස සමිති පිරිසිදු කර අවතැන් වූ ජනතාවට වියළි සලාක හා භාණ්ඩ බෙදා දුන් අතර මේ සඳහා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කාර්ය මණ්ඩලය සහභාගි විය. මෙහි විශේෂත්වය වන්නේ ගොඩ බිමෙන් ළඟා විය නොහැකි ස්ථානවල සිටි විපතට පත් ජනතාවට නාවික හමුදා බෝට්ටු යොදා ගනිමින් කඩිනම් සහණ සැපයීමයි.

මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාව පිළිබඳව අදහස් දක්වමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරි අයිවන් නිකලස් මහතා මෙසේ පැවසීය. “ජනතාවට පිළිසරණක් අවශ්‍ය සෑම මොහොතකම නොමසුරුව සියල්ලන්ටම ප්‍රථමයෙන් ඔවුන්ට අත්වැලක් වන්නට අප ආයතනය පෙළ ගැසෙනවා. සෑම ආපදාවකදීම නිරන්තරයෙන් ප්‍රධාන කාර්යාලය හා ශාඛා ජාලය එක් වී සහණ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා ඇප කැප වන කළමනාකාරිත්වය ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තූතිය පුද කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment