සත්‍යවාදියාගේ නික්ම යෑම – මාධ්‍ය කලාව ජන හදවතට දැනෙන ලෙසින් සමාජ ගත කරන්න සුනිල් මාධව පේ‍්‍රමතිලක සමත් වුණා

284

වරාපිටියේ අනුරුද්ධ නාහිමි

තමා විශ්වාස කළ දේශපාලන දර්ශනය සමාජයට හිතකර ලෙස සාහිත්‍යවේදීව ජනතාවගේ හදවත්වලට දැනෙන ආකාරයට සමාජගත කරන්නට සුනිල් මාධව පේ‍්‍රමතිලක මහතා කටයුතු කළ බව තලංගම කොස්වත්ත හීනටිකුඹුර පුරාණ විහාරයේ පූජ්‍ය වරාපිටියේ අනුරුද්ධ නාහිමියෝ පැවසූහ.

සත්‍යවාදියාගේ නික්ම යෑම - මාධ්‍ය කලාව ජන හදවතට දැනෙන ලෙසින් සමාජ ගත කරන්න සුනිල් මාධව පේ‍්‍රමතිලක සමත් වුණා

නාහිමියෝ එසේ පැවසුවේ අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මාධව පේ‍්‍රමතිලක මහතාගේ අවමඟුල් උත්සවයේදී අනුශාසනාවක් පවත්වමිනි.

මෙහිදී පැමිණ සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවීම රිචඞ් ද සොයිසා මාධ්‍ය සංකීර්ණයේ පිහිටා ඇති ආනන්දාරාම විහාරයේ විහාරස්ථ පනාගොඩ ඥානදේව හිමියෝ සිදු කළහ.

සත්‍යවාදියාගේ නික්ම යෑම - මාධ්‍ය කලාව ජන හදවතට දැනෙන ලෙසින් සමාජ ගත කරන්න සුනිල් මාධව පේ‍්‍රමතිලක සමත් වුණා

තලංගම, කොස්වත්ත රිචඞ් ද සොයිසා නිවාස සංකීර්ණයේ පිහිටි සුනිල් මාධව මහතාගේ නිවසේදී අවසන් කටයුතු පැවැති අතර එම අවස්ථාවට දේශපාලනඥයන්, කලාකරුවන්, උගතුන්, වෘත්තීයවේදීන්, රසිකයන්, ඥාති හිතමිත‍්‍රාදීන් විශාල පිරිසක් සහභාගි වූහ.

සුනිල් මාධව පේ‍්‍රමතිලක මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළකරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ යන මහත්වරු ශෝක පණිවුඩ එවා තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අනුශාසනාව පවත්වමින් වරාපිටියේ අනුරුද්ධ නාහිමියෝ මෙසේද පැවසූහ.

අභාවප‍්‍රාප්ත සුනිල් පේ‍්‍රමතිලක මාධ්‍යවේදියා ධනය, මුදල, සම්පත් සමසේ බෙදිලා යන ආකාරයට සමාජයට යහපතක් කරන්නට ජනමාධ්‍යවේදියකු ලෙස ජීවිතය පුරාවටම කටයුතු කළා. එය කාටත් ආදර්ශයක්.

තලංගම කොස්වත්ත හීනටිකුඹුර පුරාණ විහාරයේ විහාරස්ථ පූජ්‍ය මහියංගනයේ සුදම්ම ස්වාමීන් වහන්සේ,

සුනිල් මාධව පේ‍්‍රමතිලක මහතා වරදාන, වරප‍්‍රසාදවලට යටනොවී පෑන භාවිතා කරමින් සමාජ විප්ලවයක් සිදුකළා. සමාජයට, ජාතියට, රටට සේවයක් කරන්න කැපවූ එතුමා ශ්‍රේෂ්ඨයෙකි.

ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩලයේ අධ්‍යක්‍ෂක ධර්මශී‍්‍ර කාරියවසම් මහතා-

මගේ ජීවිතයේ දුටු අහිංසකම මිනිසා සුනිල් මාධව පේ‍්‍රමතිලකයි. ඔහු තුළ තිබූ මනුෂ්‍යත්වය ඔහුගේ ලියකියවිලිවල පමණක් නොව ඔහුගේ ජීවිතය තුළද තිබුණා. තමන්ගේ

දරුවාට දැක්වූ ආදරය බොරැුල්ල සුපර් මාර්කට් එක අයිනේ පේමන්ට් එකේ සිටි වීදි දරුවටත් දැක්වූවා.

මෙකල මෙන් සුවදායක පරිසරයක නොව භීෂණය, මර්දනය උපරිමව තිබූ යුගයකයි ඔහු මාධ්‍යකරණයේ යෙදුණේ. තරුණයන් දහස් ගණන් අමු අමුවේ මහ මග මරා දැමුණු යුගයක ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව එවකට පැවැති රජයට එරෙහිව ‘අපි සූදානම්’ යනුවෙන් පුවත්පත්වල ප‍්‍රධාන ශීර්ෂ පාඨ යටතේ පුවත් පළ කළා.

මෙහිදී ප‍්‍රදේශවාසීන් වෙනුවෙන් ඞී. එම්. චන්ද්‍රසේකර, එම්. විමලදාස යන මහත්වරුන් ගුණ කථන පැවැත්වූහ. සුනිල් මාධව පේ‍්‍රමතිලක මහතාගේ ඥාති සහෝදරයෙක් විසින් සුනිල් මහතාගේ ‘ලොක්කි’ නම් වූ සහෝදරිය විසින් එවන ලද ‘නිසඳැස් කවි’ පන්තියක් කියවන ලදි. ඔහුගේ සොහොයුරෙකු වන සරත් පේ‍්‍රමතිලක මහතා ස්තූති කතාව පැවැත්වීය.

පි‍්‍රයන්ත මද්දුමආරච්චි – මුල්ලේරියාව


advertistmentadvertistment