සමස්ත ගාසා දේශසීමාව ඊශ්‍රායලය යටතට

9239

ඊශ්‍රායල හමුදා විසින් ඊයේ (30දා) ගාසා තීරයේ පිහිටි වැදගත්ම ආරක්ෂක කලාපය මෙන්ම ‘පිලඩෙල්පි කොරිඩෝව’ යනුවෙන් හැඳින්වෙන ගාසා – ඊජිප්තු දේශසීමාව සම්පූර්ණයෙන් අත්පත් කරගෙන ගාසා තීරයේ සමස්ත දේශසීමාවම සිය පාලනය යටතට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ වන විට ගාසා තීරයේ සමස්ත දේශසීමාවම අත්පත් කරගෙන සිටින ඊශ්‍රායල ඒකාබද්ධ හමුදාවන් විසින් සිදු කර ඇති මෙහෙයුම්වලදී ගාසා තීරයට අවි ආයුධ ගෙන යෑම සඳහා හමාස් සංවිධානය විසින් භාවිත කළ උමං 20ක් සොයාගෙන ඇති බව එම හමුදා ප්‍රකාශකයා මාධ්‍යට පවසා තිබේ.

කෙසේ වුවද ඊශ්‍රායල ඒකාබද්ධ හමුදාවන් විසින් ගාසා තීරයට අවි ගෙන යෑම සඳහා භාවිතා කළ උමං 20ක් පමණ සොයා ගෙන ඇති බවට කර ඇති ප්‍රකාශය ඊජිප්තු රූපවාහිනි සේවාව විසින් කිසියම් ආරංචි මාර්ගයක් පදනම් කරගෙන ප්‍රතික්ෂේප කර තිබේ. ඊජිප්තු රූපවාහිනියට අනුව මෙවැනි උමං සොයාගත් බවට නිවේදනය කිරීමෙන් ඊශ්‍රායල හමුදාව දකුණු ගාසා තීරයේ රෆා නගරයේ සිදු කරනු ලබන යුද මෙහෙයුම සාධාරණීකරණය කිරීමට උත්සාහ දරමින් සිටී. මේ අතර ඊශ්‍රායල රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසා ඇත්තේ ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහිව පවතින සටන් මෙම වසර අවසානය දක්වාම පවතිනු ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment