සම්පත් බැංකුව ‘Sampath PayBand’ නමින් බාධාවකින් තොර ගෙවීම් සඳහා අතේ පැළඳිය හැකි ගෙවීම් උපාංගයක් හඳුන්වා දෙයි

193

සමීර කන්නන්ගර

සම්බන්ධතා රහිත ගෙවීම් සඳහා වන ගෝලීය ප්‍රවණතාවය අඛණ්ඩව ඉහළ යමින් පවතින අවස්ථාවක, සම්පත් බැංකුව විසින් සිය නවතමි ‘Sampath PayBand’ බහුකාර්ය ගෙවීම් පළඳනාව සාඩම්බරයෙන් එළිදක්වනු ලැබීය.

ශ්‍රී ලංකාවේ වත්මන් ගෙවීම් ක්‍රමවේදයන් නව මානයකට ගෙනයමින් සම්පත් බැංකුව විසින් හඳුන්වාදෙන මෙම පෙරළිකාරි‘Sampath PayBand’ උපාංගය නව පරපුර සහ තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ පාරිභෝගිකයන්ගේ දිනෙන් දින ඉහළ යන අවශ්‍යතාවයන් සපුරාලනු ඇත. මෙරට පළමු පැළඳිය හැකි බහුකාර්යි‘Sampath PayBand’ උපාංගය පහසු සහ වඩාත් ආරක්ෂිත ගණුදෙනු සඳහා නව යුගයක් සනිටුහන් කරයි.

පාරිභෝගික අත්දැකීම් සහ ගෙවීම් ක්‍රියාවලීන් විධිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් නිර්මාණය කර ඇතිි‘Sampath PayBand’ යනු, සම්පත් බැංකු ඉතුරුම් ගිණුම් සමඟ ඒකාබද්ධ කර ඇති ගෙවීමේ චිප් පතක් සහිත අතේ පැළඳිය හැකි උපාංගයකි. මෙම අති නවීන උපාංගය මඟින් පරිශීලකයන්ට පහසුවෙන් ඕනෑම NFC සක්‍රීය POS ගෙවීම් උපකරණයක් තුළ ආයාසයකින් තොර සරල ‘tap’ කිරීමක් මඟින් ඕනෑම ගණුදෙනුවක් පහසුවෙන් සිදු කර ගැනීමට හැකියාව සලසා දෙයි. අතපසු වූ මුදල් පසුම්බි, අස්ථානගතවූ කාඩ්පත් සහ අනෙකුත් කරදරකාරී ගෙවීම් ක්‍රමයන්හි කාලය අවසන් කරමින්ි‘Sampath PayBand’ සෑම ගෙවීමකදීම ඔබට අසමසම පහසුවක් ගෙනෙනු ඇත.

සම්පත් බැංකුව ‘Sampath PayBand’ නමින් බාධාවකින් තොර ගෙවීම් සඳහා අතේ පැළඳිය හැකි ගෙවීම් උපාංගයක් හඳුන්වා දෙයි

සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය සහ සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අලෙවිකරණ” පාරිභෝගික සේවා සහ කාඩ් මධ්‍යස්ථානය) තාරක රන්වල මහතා ‘Sampath PayBand’ බහුකාර්ය ගෙවීම් පළඳනාව එළිදැක්වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

ඡායාරූප
නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment