‘සම්පත් සංහිඳ සේවර්’, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත රු.මි.185ක සෞඛ්‍ය ප්‍රතිලාභ හිමි කර දෙයි

231

ජාතියේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සහයෝගය ලබා දීමේ සම්පත් බැංකුවේ නිරන්තර කැපවීම තව තවත් අරුත් ගන්වමින් දිවයින පුරා විසිරුණු සම්පත් සංහිඳ සේවර් ගිණුම් හිමියන් වෙත මෙම වසරේදී රුපියල් මිලියන 185ක සෞඛ්‍ය ප‍්‍රතිලාභ ලබා දීමට කටයුතු ආරම්භ කරන ලදී.

2009 වසරේ මෙම වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු සම්පත් බැංකුව විසින් වසරක් තුළ ලබා දුන් ඉහළම ප‍්‍රතිලාභ වටිනාකම ලෙස මෙය හඳුන්වා දිය හැකිය.

විශේෂයෙන් ගෝලීය වසංගතය හමුවේ වූ ව්‍යවසනකාරී තත්වය හේතුවෙන් සමස්ත ලෝකයම දැඩි දුෂ්කරතාවයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සෞඛ්‍ය වියදම් වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දීමෙන් මෙම ප‍්‍රතිලාභයන් ඔවුන් වෙත හිමි කර දෙනු ලබයි.

තවද වසංගතය හේතුවෙන් උද්ගත වූ දැඩි සෞඛ්‍යාරක්ෂිත භාවය හා සංචරණ සීමාවන් සැලකිල්ලට ගනිමින් සම්පත් බැංකුව විසින් ඒ ආශ‍්‍රිත සෞඛ්‍ය ප‍්‍රතිලාභ හා තොරතුරු ලබා ගැනීමේ කටයුතු තව දුරටත් පහසු කිරීමට කටයුතු කර ඇත්තේ සම්පත් සංහිඳ සේවර් ගිණුම් හිමියන්ගේ සුව පහසුව වෙනුවෙනි. පළමු වරට සෞඛ්‍ය ප‍්‍රතිලාභ ලබා ගන්නා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට ළඟම ඇති ශාඛාවෙන් තමන්ට හිමි වෛද්‍ය ප‍්‍රතිලාභ කාඞ්පත් ලබාගත හැකි අතර දැනට සිටින කාඞ්පත් හිමියන් හට ළඟම ඇති ශාඛාවෙන් එම සෞඛ්‍ය ප‍්‍රතිලාභ සඳහා වන කාඞ්පත පූර්ණය (Topup) කර ගැනීමේ අවස්ථාවද සම්පත් බැංකුව උදා කර දී ඇත.

2020 ජූලි 01 වැනිදා සිට 2021 ජූනි 30 අතර කාලය තුළ එක් එක් සම්පත් සංහිඳ සේවර් ගිණුම් තුළ පවත්වාගෙන යනු ලැබූ වාර්ෂික සාමාන්‍යය ශේෂය මත පදනම්ව මෙම ප‍්‍රතිලාභ පිරි නැමීම සිදු වේ. ඒ සඳහා වන ප‍්‍රතිලාභ මුදල් සියලූ ගිණුම් හිමියන්ගේ සංහිඳ සෞඛ්‍ය ප‍්‍රතිලාභ කාඞ්පත් වෙත බැර කරනු ලබන අතර ඒ මඟින් දිවයින පුරා පිහිටි වෛද්‍ය ආයතන රැසකින් අවශ්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ගිණුම් හිමියන්ට උදා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment