සම්බන්ධන් අභාවයට මෝදි දුක් වෙයි

14

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා කෘතහස්ත ද්‍රවිඩ ජාතික සන්ධාන (TNA) නායක ආර්. සම්බන්ධන් මහතාගේ අභාවය වෙනුවෙන් සංවේගය පළ කළරමින් ශෝක පණිවුඩයක් නිකුත් කර ඇත. එය මෙසේය.“කෘතහස්ත TNA නායක ආර්. සම්බන්ධන් මහතාගේ පවුලේ සාමාජිකයන් සහ මිත්‍රයන්ට මාගේ සාතිශය සංවේගය පළ කර සිටිමි. එතුමා සමඟ පැවති හමුවල සොඳුරු මතක සැමදා මතකයේ රැඳෙනු ඇත. එතුමා ශ්‍රී ලංකාවේ දමිළ ජනතාවගේ සාමය, ආරක්ෂාව, සමානාත්මතාවය, යුක්තිය සහ අභිමානය වෙනුවෙන් කැපවී කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ එතුමාගේ මිතුරන්ට සහ අනුගාමිකයන්ට එතුමා නැති අඩුව දැඩිව දැනෙනු ඇත” යනුවෙන් එතුමා X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment