සරම්ප බවට සැක ළමයි 12ක් රිජ්වේ රෝහලේ

221

සරම්ප රෝගීන් බවට සැක කෙරෙන ළමා රෝගීන් 12 දෙනකු රෝහලට ඇතුළත් කර ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ ට පැවසීය.

එයින් එදිනම ළමා රෝගීන් 4 දෙනකු හඳුනාගත් බව ද, ඒ සියලු දෙනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා නොගත් අය බවට හෙළිව ඇතැයි ද හෙතෙම කීය. මේ නිසා දරුවන් අතරේ සරම්ප වැළඳීම වැඩිවීමේ අවදානමක් ඇතැයි ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියා සිටියේය.

මාස 9 දී සහ අවුරුදු 3 දී ලබාදෙන අදාළ එන්නත ලබාගත යුතු බවත්, එම එන්නත් ලබානොගත් දරුවන් හට සරම්ප වැළඳී ඇති බවත් කියා සිටි ඒ මහතා එබැවින් එම එන්නත අනිවාර්යයෙන්ම තම දරුවන්ට ලබා දෙන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment