සරුංගලේට ඇවිලී මාතර දරුවකුගේ අතක් වෙන් වෙන්නම කපලා

709

මාතර වේරගම්පිට ධර්මවංශ මාවතේ පෙරේදා (25 දා) සවස සරුංගල් සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක අවසානයේ එම ප්‍රදේශයේ අයිස්ක්‍රීම් වෙළඳ සැලක සේවය කරන 16 හැවිරිදි දරුවකුගේ අතක් වෙන් වෙන්නට කපා ඇතැයි මාතර පොලිසිය පවසයි.

පිරිසක් විසින් සරුංගල් යවන අතර එම ප්‍රදේශය තමන්ගේ ප්‍රදේශය බව කියමින් ඇතිවූ කතාබහක් දුරදිග යෑමෙන් පසුව හටගත් ආරවුලකින් අනතුරුව මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුවී තිබේ. මෙහිදී අත අහිමිවූ තරුණයා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා පසුව කොළඹ ජාතික රෝහලට යවා ඇත.

එහිදී ඔහු ශල්‍යකර්මයට භාජනය කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචි 40 සහ 37 වයස් කාණ්ඩවල පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ සිදු කරයි.

මාතර – ලලිත් පද්මසිරි

advertistmentadvertistment
advertistmentadvertistment