සාත්තරයක් කියන්නම් කියා දැරියකට අතවර කළ තිස්සමහාරාමයේ සැරයන් අත්අඩංගුවට

591

දැරියකගේ අත බලා සාත්තරයක් කීමේ මුවාවෙන් ඇයට අතවර කළේ යැයි කියන තිස්සමහාරාම පොලිසියේ සැරයන්වරයකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දැරියගේ මව සහ දැරිය මහා රාත්‍රියේදී ඇති කරගත් දබරයක් නිසා 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් ගෙන තිබේ. එම දැනුම් දීම අනුව මෙම සැරයන්වරයා මොවුන් හා සම්බන්ධ වී තිබේ.

එහිදී මේ සැරයන්වරයා “ඔයාගේ අතබලා ඔයා මහා රෑවෙන තුරු ගියේ කොහෙද කියලා කියන්න පුළුවන් යැයි කියමින් දැරියට ලිංගික අතවරයක් සිදුකර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි. දැරිය ටියුෂන් ගොස් මහා රෑ ගෙදර පැමිණි නිසා දැරියගේ මව

ඇයගෙන් මේ පිළිබඳව කළ ප්‍රශ්න කිරීම නිසා මවත් දියණියත් අතර මහා රෑ මෙසේ දබරය ඇති වී තිබෙන බව හෙළිව ඇත.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment