ඔක්තෝබර් 01 දින සිට 16 දින දක්වා මාලදිවයිනේ මාලේ අගනුවරදී ක‍්‍රියාත්මක කෙරෙන දහතුන්වැනි දකුණු ආසියාතික පාපන්දු ශූරතාවලිය හෙවත් සාෆ් තරගාවලිය සඳහා සහභාගි කරවන ශ‍්‍රී ලංකා ජාතික පාපන්දු පිල ඊයේ (27දා* සෞදි අරාබියේ රියාද් නගරයේදී ප‍්‍රකාශයට පත් කළේය. ක‍්‍රීඩකයන් විසි තුන් දෙනකුගෙන් සැදුම්ලත් වන ශ‍්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නායකත්වය හෙබවීමේ වරම දැල රකින ක‍්‍රීඩක සුජාන් පෙරේරා වෙත හිමි වී තිබේ.
ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, මාලදිවයින, බංගලාදේශය සහ නේපාලය යන රටවල සහභාගිත්වයෙන් මෙවර තරගාවලිය ක‍්‍රියාත්මක කෙරේ.
ජාතික පාපන්දු කණ්ඩායම
ඩබ්ලිව්. එස්. ටී. ඞී. සුජාන් පෙරේරා, එච්. එම්. ප‍්‍රභාත් රුවන් අරුණසිරි, කවීෂ් ලක්ප‍්‍රිය, කේ. එන්. හර්ෂ ප‍්‍රනාන්දු, ඒ. ඒ. එස්. රොෂාන් අප්පුහාමි, චමෝද් ඩිල්ෂාන්, චරිත රත්නායක, ඩක්සන් පස්ලස්, මර්වින් හැමිල්ටන්, එම්. චලන චමීර, එස්. ජූඞ් සුපන්, එම්. එම්. මොහොමඞ් මුස්තාක්, එන්. මොහොමඞ් පශාල් , එල්. එච්. කවිඳු ඉෂාන්, ඩිලන් සෙනන් ද සිල්වා, අහමඞ් වසීම් රාසික්, එම්. එෆ්. මොහොමඞ් ආකීබ්, එම්. ඒ. අසීකුර් රහුමාන්, එස්. සුපුන් ධනංජය, එම්. ජේ. රිෆ්කාන් මොහොමඞ්, මොහොමඞ් ෂිෆාන් , අමාන් ෆයිසර් සහ එඩිසන් ෆිගරාඩෝ.
අනුරුද්ධ හේරත් බණ්ඩාර
Sun 25 May 2025 | 16:50:52