සා.පෙළ ප්‍රතිඵල අද හෝ හෙට – ඇමැති සුසිල් කියයි

108

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (30) හෝ හෙට (01) දින නිකුත් කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (29 දා) පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී බී.වයි.ජී. රත්නසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද සඳහන් කළේය.

පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මාසයෙන් දුන්නා. අපොස සාමාන්‍ය පෙළ විභාගයට ලක්ෂ හයක් පෙනී හිටියා. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විෂයයන් සංඛ්‍යාව වැඩියි. අපොස සාමාන්‍ය පෙළ විභාගයන්හි ප්‍රතිඵල කඩිනම් කිරීමට වැඩපිළිවෙළක් හඳුන්වා දෙන්න අපි නියෝග දීලා තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුන ඇතුළත නිකුත් කරාවි. දැන් එම ප්‍රතිඵලවල අවසන් පරීක්ෂාව සිදු වෙනවා. උසස් පෙළ ඇගයීම් ක්‍රියාවලිය තවමත් තීරණය කර නෑ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment