පොලිසියෙන් කියා නිවසට කඩාවැදී පිරිසක් යකා නටලා

85

ගණේමුල්ල සංජීවගේ සොහොයුරියගෙන් මානව හිමිකම් වෙත පැමිණිල්ලක්

රෑ දහවල් නොතකා නිල ඇඳුමින් හා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යැයි කියාගත් පිරිසක් බලහත්කාරයෙන් තම නිවසට කඩාපැන බැණවැදී තර්ජනය කරමින් නිවසේ දේපළවලට අලාභහානි කරමින් සිදුකරනා අයුතු පරීක්‍ෂා කිරීම් නිසා තමන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ලවී ඇති බවත් එම අයුතු ක්‍රියා නිසා තමන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට සාමකාමීව ජීවත්වීමට ඇති අයිතිය උල්ලංඝනය වී ඇති බවත් පෙන්වා දෙමින් පතාල කල්ලි නායකයකු වන සංජීව සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව නමැත්තාගේ වැඩිමහල් සොහොයුරිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට හා පොලිස් මූලස්ථානයේ සහන මැදිරියට පැමිණිලි කොට තිබේ,

එල්ලවී ඇති ජීවිත තර්ජන නිසා සිය සහෝදරයා රටින් පිටව ගොස් ඇති බවට හොඳාකාරව ඔවුන් දැනුවත්ව තිබියදීත් ඔහු ගැන හා සිය නිවසේ හෙරොයින් සඟවා ඇතැයි අසත්‍ය චෝදනා නඟමින් විටෙන් විට පැමිණ එලෙස පරීක්‍ෂා කිරීම් සිදුකරනා බවද අංක 146 ඩීග මාකිලංගමුවල ගණේමුල්ල යන ලිපිනයේ පදිංචි දිල්රුක්‍ෂි සමරරත්න මහත්මිය සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේග පසුගිය 5 වැනිදා උදෑසන තාප්පයෙන් පැන සිය නිවසට සිවිල් ඇඳුමින් සැරසුණු කිහිපදෙනකු සමග ඇතුළු වූ නිලධාරීන් පිරිසක් සිය සහෝදරයාගේ තරුණ දියණිය හා තමා ඇතුළු කාන්තාවන් රාත්‍රි නිදන ඇඳුම් පිටින්ම නිවසින් එළියට ගත් බවත් ඔවුන් තරුණ ඥාති දියණිය ඇතුළු පිරිස ඡායාරූපගත කළ බවත් සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබූ පැමිණිලිකාරිය එම නිලධාරීන් එදින නිවසේ තිබූ ඇඳුම් අල්මාරිල පොත් අල්මාරි ඇතුළු සියලු බඩු බාහිරාදිය ඇතුළු සියලු දේවල් සීසීකඩ ඇද දමා පරීක්‍ෂා කර ඇති බවත් එමගින් පෙන්වා දී තිබේග ඔවුන් නිවසින් පිටව ගිය පසු නිවසේ තිබූ සිය මවට අයත් රුපියල් 13ල000 ක මුදලක් හා පියාගේ රන් මුදුවක් අතුරුදන් වී ඇති බව දැන ගන්නට ලැබූ බවත් නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියට අදාළ ඩී වී ආර් යන්ත්‍රය කඩා රැගෙන ගොස් ඇතැයි එමගින් පෙන්වා දී තිබූ පැමිණිලිකාරිය ඒ සම්බන්ධයෙන් ගණේමුල්ල පොලිසියට පැමිණිල්ලක් කිරීමට උත්සාහ කළ නමුත් එම පැමිණිල්ල භාර ගැනීම එහි නිලධාරීන් ප්‍රතික්‍ෂේප කළ බව ද පෙන්වා දී තිබේ.

සිය පවුලේ සාමාජිකයන්ට සාමකාමීව ජීවත් වීමට ඇති අයිතිය සුරක්‍ෂිත කිරීමට පියවර ගන්නා ලෙසට ද පැමිණිලිකාරිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේග ගණේමුල්ල සංජීව නමැත්තාට එරෙහිව මිනීමැරීමට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ගම්පහ මහාධිකරණය හමුවේ පවතින නඩු කටයුතු කැඳවූ අවස්ථාවේදී නීතිඥ දීපිකා හෙට්ටිමුල්ලල නීතිඥ චින්තක කරුණානායක යන නීතිඥවරුන් සමග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්‍ෂ්මන් පෙරේරා මහතා කළ ඉල්ලීම සලකා බලමින් මින් වසර එකහමාරකට පෙර ඇප මත මුදාහැර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment