යළිත් කොරෝනා වැඩිවේගෙන එනවා

183

මේ වනවිට රටේ කොරෝනා ව්‍යාප්තියේ යම් වර්ධනයක් පෙන්නුම් කරන බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දිවයිනට පැවසීය.

මෙහිදී තවදුරටත් කතාකළ උපුල් රෝහණ මහතා මෙසේ ද කියා සිටියේය.

මේ සැරේ රට එකවර නිදහස් කළේ නැහැ. නමුත් අපි දැක්කා රට නිදහස් නොකරාට නිරෝධායන ඇඳිරිනීතිය අවසන් කාලයේත් මහජනතාව නිරෝධායන ඇඳිරිනීතියවත් පිළිපඳින්නේ නැති තැනට තල්ලූවෙමින් තිබුණා. ඒ නිසා අපි දැක්කා පළාත් සංචරණ සීමා තියෙද්දී දීර්ඝ සති අන්තයක කොහොමද නිවාඩු ගතකළේ කියලා. ඒ නිසා බිමේ පේන්න තියෙන තත්ත්වය තමයි අපි නිරෝධායන නීති දැම්මත් නැතත් මහජනතාව මේවා ආරක්‍ෂා කිරීමේ බරපතළ ගැටලූවක් තියෙනවා කියන එක.

දේශපාලන භේදයකින් තොරව හා සියලූම සමාජ කණ්ඩායම්වල වගකීමක් තියෙනවා මේ නිරෝධායන නීති සහ සෞඛ්‍ය උපදෙස් පිළිපඳින්න. අපි ඉල්ලන්නේ සියලූම පක්ෂවලින්, සියලූම සමාජ කණ්ඩායම්වලින් හා සමාජ කි‍්‍රයාකාරීන්ගෙන් මේ මොහොතේ වගකීමෙන් කටයුතු කරන්න කියලයි. අපි යන්තම් හිස ඔසවාගෙන එන වෙලාව වුවත් නැවතත් අනෙක් පැත්තට රතු එළි දල්වමින් තියෙනවා කොරෝනා වැඩිවීමේ. ඒ වැඩිවීම තේරුම් අරගෙන තමන්ගේ දේශපාලන න්‍යායපත‍්‍ර පිටුපසට කල් තියලා ජනතාවගේ ජීවිත ආරක්‍ෂාව ගැන වගකීමෙන් කටයුතු කරන්න කියලා සියලූම දේශපාලන පක්‍ෂවලින් ඉල්ලා සිටිනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment