සැමියා බිරිඳට  වායු රයිෆලයකින්  වෙඩි තියලා

780

දඹගල්ල, පොලිස් වසමට අයත් ඔබ්බේගොඩ, උස්සාගල ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් අතර පෙරේදා (28 දා) ගැටුමක් ඇතිවී සැමියා විසින් බිරිඳට වායු රයිෆලයකින් වෙඩි තබා ඇතැයි දඹගල්ල පොලිසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබූ තිස්නව හැවිරිදි දෙදරු මව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

සැමියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

දඹගල්ල පොලිස් ස්ථානාධිපති එච්. ජී. එස්. ජයවීර මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක
 


advertistmentadvertistment