සිත් සනහන සිතුල් පව්වේ ආලෝක පූජාව

85

ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයේ වාර්ෂික පොසොන් මහෝත්සවය වෙනුවෙන් එහි විදුලි ආලෝක පූජාව උපාලි සමූහ ව්‍යාපාරය මගින් 37 වැනි වරටත් පවත්වනු ලැබීය. උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම මහතා විදුලි ආලෝක පූජාව විවෘත කළේය. සිතුල්පව්ව මඟුල් මහ විහාර ප්‍රතිසංස්කරණ දායක සභාවේ සභාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද, දායක සභාවේ උප සභාපති කැලණිය රජමහා විහාරයේ බස්නායක නිලමේ හා උපාලි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ධම්මික ආටිගල මහතා ද, දකුණු පළාත් ආණ්ඩුකාර ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතාද මේ අවස්ථාවට සහභාගි වූහ. තවත් ගිහි පැවිදි ආරාධිතයෝ ද ඊට එක්වූහ. එහි නව බුදු මැදුර විවෘත කිරීමද මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවිය. සිතුල්පව්ව විහාරාධිකාරී පූජ්‍ය ලේල්වල සමිත හිමිපාණන් ඇතුළු අති පූජ්‍ය මහා සංඝරත්නය ද මෙම පුණ්‍ය කටයුත්තකට වැඩම කර සිටියහ.

සිත් සනහන සිතුල් පව්වේ ආලෝක පූජාව
සිත් සනහන සිතුල් පව්වේ ආලෝක පූජාව

මත්තල – දිලිප් ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment