සියළුම බන්ධනාගාර වෙසක් සමරයි 

45

වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් බන්දනාගර ආයතන වල වැඩසටහන් රාශියක්

අද  ( 12 )   දිනට යෙදෙන වෙසක්පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන් තුල වැඩසටහන් රාශියක් සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණි බී. දිසානායක මහතා පවසනවා .

ඒ අනුව,
– බැති ගී ප්‍රසංග  
– වෙසක් සැරසිලි
– ආගමික කටයුතු
– වෙසක් දන්සල් 

ආදිය ,  දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන්පැවැත්වීමට සූදානම් කර ඇත.

එමෙන්ම ,  නිලධාරීන්ගේ සහ බන්ධනාගාර ගත රැදවියන්ගේ සහයෝගයෙන් නිර්මාණය වන වෙසක් කූඩු ප්‍රදර්ශනයක් බන්ධනාගර මූලස්ථානය ඉදිරිපිට  මැයි මස 12,13,හා 14 තෙදින රාත්‍රී කාලයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබේ .
බන්ධනාගර වෙසක් කලාපයට සමගාමීව මෙවර මහා බත් දන්සල හා බන්ධනාගර නිලධාරීන්ගේ බැති ගී ප්‍රසංගය මැයි මස 12 වන දින පස්වරු 07.00 ට බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිට පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.


advertistmentadvertistment