සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසුරුවන්නේ නෑ

189

ජනපතිගෙන් පොරොන්දුවක් ලැබුණු බව ආණ්ඩුව කියයි

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කිසි ලෙසකින්වත් විසුරුවා හරින්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පොරොන්දුවක් ලබාදුන් බව ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවේ දී ඊයේ (13 දා) සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 27/2 යටතේ අසන ලද ප්‍රශ්නයක දී සිවිල් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ද ඊයේ කරුණු මතු කළේය.

එහිදී ආණ්ඩුව වෙනුවෙන් මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා නැඟී සිටිමින් මෙසේ කීය.

විපක්ෂ නායකතුමා කිව්වා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා හරිනවා කියලා. ජනාධිපතිතුමා සමග අපි සාකච්ඡාවක් කළා. කිසිම විදිහකින් කිසිම හේතුවක් නිසා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරවන්නේ නෑ කියලා එතුමා අපට පොරොන්දු වුණා. ඒ නිසා ඒ එකඟතාවය හදාගෙන අවසන්. ඒ ගැන ප්‍රශ්නයක් ඇති කර ගන්න එපා.
අකිත පෙරේරා- රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment