සීසන් කැපිල්ලට සජිත්ගෙන් දෝස්මුරයක්

53

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පාසල් සිසුන්ට ජනවාරි මාසයේ නිකුත් කළ වාර ප්‍රවේශ පත්‍ර හිටිහැටියේම අවලංගු කිරීමට එහි සාමාන්‍යාධිකාරවරයා තීරණය කර ඇති බවත් මේ අවස්ථාවේ මෙවන් දෙයක් සිදු කිරීම තුළින් දරුවන් දුෂ්කරතාවලට ලක්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

නිවාඩු මාසයක් වුවත් දූදරුවන්ට උපකාරක පන්ති තිබෙන බවත් මේ නව රෙගුලාසිය තුළින් සතිඅන්තයේ වාර ප්‍රවේශ පත්‍ර භාවිතය පවා තහනම් කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේම උසස් පෙළ විභාගය පවා පැවැත්වෙන මේ මොහොතේ මෙවැනි තීන්දුවක් ගැනීම වැරදි බවත් එබැවින් මෙසේ අවලංගු කරන ලද වාර ප්‍රවේශ පත්‍ර වලංගු භාවයට පත් කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් පැවසීය.
රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment