සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය

21

උපාලි පුවත්පත් සමාගමේ සුජය ශිෂ්‍යත්ව පුවත්පත,කැන්ඩොස් සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය එක්ව සිදු කරන සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අද මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේ දී

උපාලි පුවත්පත් සමාගමේ සුජය ශිෂ්‍යත්ව පුවත්පත මගින් සංවිධානය කරනු ලබන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ 2024 වර්ෂයේ පළමු ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය ජූලි මස 09 වැනි අඟහරුවාදා (අද) මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

අනාගතයට අධ්‍යාපනයෙන් පිරිපුන් දරු පරපුරක් බිහිකිරීමට පුරෝගාමීව කටයුතු කරන උපාලි පුවත්පත් සමාගමේ සුජය ශිෂ්‍යත්ව පුවත්පතේ මෙම සද්කාර්යයට මාතලේ අධ්‍යාපන කලාපයේ ආරාධිත පාසල් කිහිපයක සිසු සිසුවියන් සහභාගි වේ. මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ටී.එන්. හෙට්ටිආරච්චි මහත්මියගේ අනුමැතියෙන් සහ මාතලේ දිස්ත්‍රික් පාසල් සේවා රථ සංගමයේ සභාපති ඩී.අයි.බී. කඩිගාව මහතාල දිස්ත්‍රික් සංවිධායක ඒ.ජී.එස්. ප්‍රේමතිලක මහතාල ලේකම් ජී.බී. ඉලංගසිංහ මහතා සහ භාණ්ඩාගාරික හේවාවිතාරණ මහතාගේ මූලිකත්වයෙන් මෙම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පැවැත්වේ.

විදුලිබලයෙන් සසිරිමත් දිවියක් යන දැක්ම යටතේ ක්‍රියාත්මක වන ලංකා විදුලිබල මණ්ඩලයේ පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් සහ සීමාසහිත සිලෝන් චොක්ලට් (කැන්ඩොස්) සමාගමේ අනුග්‍රාහක දායකත්වයෙන් පැවැත්වෙන මෙම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ දේශන මෙහෙයවීම කොළඹ ආනන්ද,ල විශාඛා,ල ඉසිපතන විiාලයන්හි හිටපු ආචාරිනිල ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශිකා ගංගා සුභාෂිණි බ්‍රහ්මණ ගුරුතුමිය විසින් සිදු කෙරේ. ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට සමගාමීව පැවැත්වෙන දෙමාපියන් දැනවත් කිරීමේ දේශනය ගුරු උපදේශිකා ප්‍රවීණ නාට්‍යවේදිනි ප්‍රියන්වදා ගොඩගේ මහත්මිය විසින් සිදු කෙරේ.


advertistmentadvertistment