සුරාබදුවලින් රජයට රුපියල් බිලියන හතක් අයවිය යුතුයි

42

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රජයට අයවිය යුතු හිඟ බදු මුදල රුපියල් බිලියන 7ක් පමණ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරනු ලබයි. ඔහු සඳහන් කරන්නේ සුරාබදු නිලධාරීන් මත්පැන් නිෂ්පාදකයන්ගෙන් බදු අයකර ගැනීමේදී සිදුවන අක්‍රමිකතා මග හැරීමට හා ගෙවීම් පැහැර හරින මත්පැන් නිෂ්පාදකයන්ගෙන් බදු අයකරගැනීම විධිමත් කිරීමට නම් සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ඩිජිටල් පද්ධතියක් හඳුන්වා දිය යුතු බවයි. ඇඩ්වකාටා ආයතනය 17 දින කොළඹදී සංවිධානය කරන ලද “ආර්ථිකය, දේශපාලනය, අද රට හා හෙට” යන මැයෙන් විද්වත් කතිකාවක් අමතමින් ඔහු මේ බව සඳහන් කරන ලදී. එහිදී අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ සඳහන් කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුවට බදු අයකරගැනීම සඳහා විධිමත් ඩිජිටල් පද්ධතියක් නැහැ. ඔවුන් සාම්ප්‍රදායික ක්‍රමවේදයක් ඔස්සේ නිලධාරීන් මඟින් තමයි බදු එකතු කරන්නේ. පාඨලී මන්ත්‍රීවරයා සහ මම විවිධ පාර්ලිමේන්තු කමිටුවල ඉන්න නිසා මේ අය ගෙන්නලා කතා කරන්න අපිට පුළුවන් වුණා. පාඨලී මන්ත්‍රීවරයා සහ මම වතාවක් ගියා මත්පැන් ස්ටිකරය සම්බන්ධ තොරතුරු ලබාගන්න. එතනදි අපිට තේරුණා ඒක මහා පරිමාණ වංචාවක් කියලා. එතන හොරකම සහ වංචාව අයින් කරන්න නම් මේ දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කළ යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment