අපි ජනතාව අතරට යනවා  – විපක්‍ෂයට අභියෝග කරනවා – අගමැති

226

අපි දේශපාලන තීන්දු තීරණ ගන්නා විට කටයුතු කළේ ඊළ`ග මැතිවරණයේ ලැබෙන ඡුන්ද පිළිබ`ද සලකමින් නොව රට පිළිබ`දව කල්පනා කරමින්.

ඡුන්ද පිළිබ`ද සිතමින් කටයුතු කළා නම් කිසිවිටකත් එල්ටීටීඊ ත‍්‍රස්තවාදය පරාජය කරන්න යන්නේ නැහැ. දැඩි විරෝධතා මැද නොරොච්චෝලේ බලාගාරය හදන්නෙත් නැහැ… හම්බන්තොට වරාය ඉදිකරන්නෙත් නැහැ… වරාය නගරය රටට දායාද කිරීම වැනි දේ කවදාවත් සිදුකරන්නේ නැහැ. ඒ හැමදේම කළේ ඡුන්ද බලාගෙන නෙමෙයි. රට වෙනුවෙන්.

ඒ වගේම රට වෙනුවෙන් පාරට බැස ජනතාව අතරට යෑම අද අපි අනුරාධපුරෙන් ආරම්භ කළා. පුළුවන් නම් අපි සම`ග ජනතාව අතරට පැමිණ හැප්පී බලන ලෙස විපක්‍ෂයට මම අභියෝග කරනවා.

ගෙවුණු වසර දෙකකටත් අධික කාලයක් තිස්සේ අපේ ආණ්ඩුව කොරෝනා එක්ක සටන් කළා. අපි ඒ සටන කළේ ජනතාවගේ ජීවිත බේරා ගන්න. එදා කොරෝනා වසංගතයට ප‍්‍රතිකාරයක් පවා නොමැතිව තිබියදී ති‍්‍රවිධ හමුදාව සහ බුද්ධි අංශ යොදවමින් කොරෝනා සටන ආරම්භ කරනවිට විපක්‍ෂය කිව්වේ මොකක්ද? වහාම ති‍්‍රවිධ හමුදාව කොරෝනා මර්දන කටයුතුවලින් ඉවත් කරන්න කිව්වා. ඔවුන් ජීවිත පරදුවට තියලා වැඩ කරද්දී විපක්‍ෂයට ඕන වුණේ ඒක කඩාකප්පල් කරන්න.

ඊට පස්සේ කියන්න ගත්තා අපි එන්නත් ගේන්නේ නැහැ ජනතාවගේ ජීවිත අවදානමට දාල ඉන්නවා කිව්වා. අපි එන්නත ගෙනාවා. චීනයෙන් එන්නත ගෙනල්ලා ජනතාවගේ ජීවිත සුරක්‍ෂිත කරන්න කටයුතු කරනකොට කිව්වා චීන එන්නත බාලයි කියලා. ඇමරිකාවේ ෆයිසර් තමයි හො`දම එක කිව්වා. ජනතාවට බාල එන්නත් දෙනවා කිව්වා.

මහා භීතියක් ඇති කළා. අද අපි රටටම දෙන්නේ ඇමරිකාවේ ෆයිසර් එන්නත. අද තිබෙන ගොවි ප‍්‍රශ්නයත් ඒ වගෙයි. අපි එන්නෙත් ඔය කියන ගොවිතැනේ ඉ`දලා තමයි. 2005 පෙර තිබුණු ආණ්ඩුව කාලයේ වී කිලෝවකට ගොවියට ලැබුණේ රුපියල් විසිපහක මුදලක්. සාධාරණ මිලක් නැතිව ගොවියා වහ බිව්වා. 2005 ආණ්ඩුව ආවට පස්සේ අපි වී කිලෝවකට දෙන මිල රුපියල් 25 ක් කළා. ඒ වගේම රුපියල් 350 පොහොර ටික දෙමින් පොහොර සහනාධාරය දුන්නා. ඉතිහාසයේ ගොවියට දුන්නු හො`දම සහනය දුන්නේ අපේ ආණ්ඩුව කාලේ. අද විපක්‍ෂය රටපුරා ගිහින් කියනවා අපි තමයිලූ ගොවියගෙ පරම හතුරා කියලා. කාබනික වගාව ආරම්භ කරනවා කියන්නේ ගොවියට කරන හතුරුකමක් නෙමෙයි. ඒ ගොවි ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කිරීම වෙනුවෙන් කළ යුතුම දෙයක්.

ඒනිසයි දැවැන්ත අභියෝගයක් වුණත් ඒ දේශපාලන තීන්දුව අපි අරගත්තේ. අපි ඒ වගේ තීන්දු අරගන්න විට ඡුන්ද දිහා බලන්නේ නැහැ. රට වෙනුවෙන් කළ යුතු දේ කරනවා. පහුගිය යහපාලනය කාලේ එහෙම දේවල් වුණේ නැහැ. සිදු කළේ දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කරපු එක. යූඑන්පී එකයි, ජේවීපී එකයි ද්‍රෝහී බලවේගයි අරලියගහ මන්දිරේට රැුස් වෙලා නීතිපති නිලධාරීන් කැඳවලා දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කරන්න බලපෑම් කළා. මහ ? විනිසුරුවරුන්ට කතා කළා. රංජන්ගේ හ`ඩපටවලින් ඒවා එළියට ආවා.

රජයේ නිලධාරීන් හිරේ දැම්මා. භික්‍ෂූන් වහන්සේ හිරේ දැම්මා. ඒ අවුරුදු පහේදිම විරුද්ධවාදීන් දඩයම් කිරීම හැර රටට කරපු කිසිම දෙයක් තිබුණේ නැහැ.

සමන් ගමගේ ,,අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු සහ මිහින්තලේ රංග චතු

advertistmentadvertistment
advertistmentadvertistment