සුවසැරිය ගිලන්රථ 322 න් 56 ක්ම ගිලන් වෙලා

37

සුවසැරිය ගිලන් රථ සේවාවේ ඇති ගිලන් රථ 322න් පණස් හයක්ම ක්‍රියාත්මක නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (14දා) පැවසීය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සංකල්පයක් ලෙස ආරම්භ වූ සුවසැරිය ගිලන් රථ සේවාවේ ගිලන් රථවල සේවය කළ රියදුරන් සහ හදිසි සේවා නිලධාරින් රට අතහැර ගොස් ඇති බවත් හෙතෙම කීය.

මෙම ගිලන්රථ අලුත්වැඩියව සහ මේ සඳහා සේවකයන් යෙදවීමේදී රජයේ අවධානය අවම වී ඇති නිසා මේ ගැන අවධානය යොමු කර කඩා වැටීමට ඉඩ නොදෙන ලෙස විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment