හොලිවුඩ් සිනමාවේ සුපිරි නළු සූර්යා විසින් රංගනයෙන් දායකත්වය දක්වන Kanguva චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
පසුගිය 23 වැනිදාට යෙදී තිබුණ සූර්යාගේ උපන්දිය වෙනුවෙන් එම පූර්ව ප්‍රචාරක පටය නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය රුපියල් කෝටි 200ක අතිවිශාල වියදමකින් නිර්මාණය කර ඇති ‘Kanguva’ චිත්‍රපටය ත්‍රිමාණව සහ භාෂා දහයකින් නිකුත් කිරීමට නියමිතය.
‘ Kanguva’සිනමා නිර්මාණය සිවාගේ අධ්‍යක්ෂණයක් වන අතර තිර රචනය ආදි නාරායන්ගෙනි. මෙහි සූර්යාට අමරතව ඩිෂා පටෙනි, බොබී ඩියෝල්, යෝගි බාබු, රෙඩින් කිංග්ස්ලි, කොවායි සරලා ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති. මෙය 2024 වසරේ තිරගත වීමට නියමිතය.