සෙනසුරු මාරුවයි වෘෂභ ලග්නයයි

41

රැකියාව සම්බන්ධව ගත් කල තත්ත්වයේ උසස් වීමට ඉඩ ඇත. තත්ත්වයට සුදුසු තනතුරු ලැබීමට ඉඩකඩ වැඩිය. තම පෙර ආත්මවල කුසල් ඵල දෙන කාලයක් ද වෙයි. පවුලේ දියුණුව ද වැඩි වෙයි. සිතූ පැතූ දේවල් පහසුවෙන් ළඟා කර ගතහැකි වන කාලයකි. විශේෂ දියුණුවකට මඟ පෑදෙන කාලයකි. ධන ලාභ ඇතිවේ. ඉතා දීප්තිමත් වූද සැපවත් වූද කාලසීමාවක් ගත කරන්නට තිබෙන ඉඩකඩ වැඩිය.
උත්සව අවස්ථාවලට සහභාගී වීමට හෝ තමා විසින්ම උත්සව ආදිය සංවිධානය කර සතුටු වීමට හෝ ඉඩ ප්‍රස්ථාව ඇතිවන කාලයකි.

ඈත ආකාශයේ බබළන ග්‍රහ වස්තු හෙවත් ග්‍රහ තාරකාවල බලය පෘථිවියට හා මෙහි ජීවත් වන මිනිසුන්ට යම් යම් ආකාරයට බලපානු ලබයි.

මෙම ග්‍රහයන්ගේ බලපෑම කොයි ආකාරයකට සිද්ධ වෙයිද කියලා ඔබට හිතාගන්නවත් බෑ නේද?

හැම ග්‍රහයකුට ම වඩා සෙනසුරු ග්‍රහයාගේ බලපෑම අපේ සිත්වලට තදින්ම දැනෙන බව කිව යුතුව ඇත.

සෙනසුරු හෙවත් ශනි කියන මෙම ග්‍රහයා හැමවිට ම විපත් පමුණුවනු ලබන ග්‍රහයෙක් හැටියට බොහෝ දෙනකු විශ්වාස කරනු ලබනවා. එම නිසා සෙනසුරුගේ ගෝචර ගමන ගැන හැමෝම දැඩි සැලකිල්ලක් යොමු කරනු ලබනවා.

2025 වසරේ මාර්තු 29 වන දින සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා කුම්භ රාශියේ වසර දෙකහමාරක කාලයක ගමන අවසන් කර මීන රාශියට පිවිසියා. මේ පිවිසීමත් සමග බොහෝ දෙනකුගේ කුතුහලයක් ඇතිවී තිබෙනවා තමන්ට කොයි ආකාරයකට මේ ගමන් කිරීම බලපායිද කියල දැනගැනීමට.

රාශී කේන්ද්‍රයේ 02 වන රාශිය වන වෘෂභයට මේ සෙනසුරු හෙවත් ශනි ග්‍රහයාගේ ගෝචර ගමන බලපාන්නේ කොහොමද කියල අපි බලමු.

වෘෂභ ලග්නයේ 11 වැන්න මීන රාශියයි. මෙම 11 වැන්න හෙවත් අයස්ථානයට සෙනසුරුගේ පිවිසීම යහපත් බවක් පෙන්වයි. වෘෂභ ලග්න හිමියාගේ 09 වැන්න සහ 10 වැන්න අධිපතීත්වය දරන්නේ සෙනසුරු ග්‍රහයාය.

09වැන්න කියන්නේ භාග්‍යස්ථානය හෙවත් පුණ්‍යස්ථානයයි. 10වැන්න කියන්නේ රැකියා ස්ථානය හෙවත් කර්මස්ථානයයි.

මෙම භාග්‍යස්ථානාධිපති හෙවත් කර්මස්ථානාධිපති වන සෙනසුරු අයස්ථානයට පිවිසීම වෘෂභ ලග්න හිමියාගේ අත මිට මුදල් හිඟ නොවන යහපත් කාලයක් උදා වී ඇති බව කිව හැකියි. සෙනසුරු මීනයට සම තත්ත්වයෙන් සිටි. ලග්නාධිපති වන සිකුරු ග්‍රහයාගේ මිත්‍රයෙක්ද වන සෙනසුරු 11 වැන්න අධිපති වූ ගුරු ග්‍රහයාගේ සම ග්‍රහයෙක්ද වෙයි.

මෙම පිවිසීම තුළින් මිතුරන්ගෙන් පාඩු ඇති වන බවක් පෙනී යයි. මිතුරන්ද අඩුවිය හැකියි.

මිතුරන් සමග පවත්නා සබඳකම් පළුදු වීමට ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශමෙන් ඔවුන්ව ඇසුරු කළ යුතුව ඇත.

නමුත් රැකියාව සම්බන්ධව ගත් කල තත්ත්වයේ උසස් වීමට ඉඩ ඇත. තත්ත්වයට සුදුසු තනතුරු ලැබීමට ඉඩකඩ වැඩිය. තම පෙර ආත්මවල කුසල් ඵල දෙන කාලයක් ද වෙයි. පවුලේ දියුණුව ද වැඩි වෙයි. සිතූ පැතූ දේවල් පහසුවෙන් ළඟා කර ගතහැකි වන කාලයකි. විශේෂ දියුණුවකට මඟ පෑදෙන කාලයකි. ධන ලාභ ඇතිවේ. ඉතා දීප්තිමත් වූද සැපවත් වූද කාලසීමාවක් ගත කරන්නට තිබෙන ඉඩකඩ වැඩිය.

උත්සව අවස්ථාවලට සහභාගී වීමට හෝ තමා විසින්ම උත්සව ආදිය සංවිධානය කර සතුටු වීමට හෝ ඉඩ ප්‍රස්ථාව ඇතිවන කාලයකි.

විවාහයට සුදුසු වයස එළඹී ඇත්නම් ඒ සඳහා ද යෝග්‍ය වන කාලයකි. අනවශ්‍ය පුද්ගලයන්ගේ ඇසුර ඇති වීමට ඉඩකඩ වැඩි බැවින් එවැනි දේවල්වලට හිත යොමු නොකොට සිටීමටත් වග බලා ගත යුතුවේ. ගෘහ ජීවිතය ගත කරන ඔබගේ හොඳ සිතිවිලි මතුවන කාලයක් බවද පෙනේ. සාමකාමීව ගෘහ ජීවිතය ගත කිරීමට හැකි වනු ඇත.

ඒ වගේම දේශපාලනයෙහි යෙදෙන අය සිටී නම් ඔබටත් මේ කාලය ඉතා යහපත් කාලයක් බව කිව යුතුව ඇත. වෙළ හෙළදාම් ව්‍යාපාර ආදීය කරන අයට ද මේ සෙනසුරුගේ පිවිසීම ඉතාම යහපත් වෙයි. අලුතින් වෙළෙඳ ව්‍යාපාර ආරම්භ කිරීමට ද ඉතාම සුදුසු කාලයක් වෙයි.

එයින් හොඳ යහපත් ප්‍රතිඵල අත්පත් කරගැනීමට හැකිවේ.

බලාපොරොත්තු නොවූ ගමන් බිමන්වල යෙදීමට ද අවස්ථාව සැලසෙනු ඇත. තරමක් වෙහෙසකාරී බවක් දැනෙන කාලයක් වන නමුත් සිතට සතුට සැනසුම ලැබෙන කාලයක් ද වෙයි.

සෙනසුරුගේ මහා දශා , අතුරු දශා ගතකරන අයටද, ජන්ම පත්‍රයේ 06, 08, 12 අධිපතියාගේ මහා දශා,අතුරු දශා ගත කරන අයටද, 22 දෙර්කාණාධිපතිගේ හෝ 64 වන නවාංශකාධිපති වන ග්‍රහයාගේ දශා ගත කරන අයට ද මෙම කාලය තරමක් අයහපත් වේ.

කෙසේ වෙතත් මෙම සෙනසුරු ග්‍රහයා අපව පාපයෙන් මුදාගෙන ආගම දහමට අපව යොමු කරන ග්‍රහයෙක් ද වෙයි. අපි පව් කරනකොට දඬුවමට පාත්‍ර කොට, ආගම ධර්මය කරා අපව ඇඳ බැද තබා ගැනීමට සෙනසුරු උත්සාහ කරයි.

සෙනසුරුගෙන් සිදුවන මේ යම් යම් අසුබ තත්ත්වයන් මඟහරවා ගැනීමට සෙනසුරාදා දිනවල බෝධි පූජා පැවැත්වීම ද, ගිතෙල් මිශ්‍ර කිරිබතක් අලුයම් කාලයේ පිළියෙල කොට කපුටන්ට ලබාදීම ද ඉතා මහඟ පුණ්‍ය කර්මයන් වෙයි. ඒ වගේම විෂ්ණු , කතරගම දෙවියන්ට පුද පූජා පැවැත්වීමත්, බාර හාර වීමත් සෙත්කවි සාදවා කීමත් තුළින් මෙම අපලකාරී තත්ත්වයන් මඟ හරවා ගැනීමට පිළිවන.

ඉහත සඳහන් පරිදි වත් පිළිවෙත් ඉටුකරමින් යුක්ති ගරුකව ජීවත්වීම තුළින් යහපත් වාතාවරණයක් ඇති කරගෙන සතුටින් ජීවත් වීමට පිළිවන.

වෘෂභ ලග්න හිමි ඔබට තිබෙන සියලු ග්‍රහ අපල දුරු වී නිදුක් නීරෝගීව සිටීමට සුදුසු වාතාවරණයක් ගොඩ නැඟේවා !

තෙරුවන් සරණයි!

මිථුන ලග්නයට සෙනසුරු මාරුව……
ඊළඟ සතියේ බලාපොරොත්තු වන්න

සෙනසුරු මාරුවයි වෘෂභ ලග්නයයි

ජ්‍යොතිෂ සහ වාස්තුවේදිනී,
ජ්‍යොතිෂ්විද්‍යා කීර්ති ශ්‍රී විභූෂණ,
ආචාර්ය මනෝරී ලෙවන්ගම
බණ්ඩාරවත්ත ගම්පහ.
0718213150 -0705038978


advertistmentadvertistment