සෙනසුරු වක්‍රයේ ලග්න පලාපල

7902

ස්වාභාවික ජල ගැලීම් ඇතිවන වැසි තත්ත්වය මත නැගෙනහිර පළාත, උතුරු පළාත, බස්නාහිර හා දකුණු පළාත්වලට සුළං වලින් හේතුවන අනතුරු වන තත්ත්වයන් මතුවීමට බලයි. හදිසි විපත් හා රිය අනතුරු විපත් වැඩිවෙයි.
වර්ෂ 2024 ජුනි මාසේ 30 වන ඉරිදා රාත්‍රී 12.38 සෙනසුරු ග්‍රහයා කුම්භ රාශියේ වක්‍ර වන අතර ලංකා කේන්ද්‍රයද කුම්භ ලග්නය හිමි වන බැවින් රටට ද යම් කරදර විපත් මතුවෙයි.

පුද්ගලයින් හට වන විපත් අනතුරු වැටීම්, තුවාලවීම් වැඩිවෙයි.

කලපව් කම් පල දෙන කාලයයි.

දුප්පත් ජනතාවගේ හඬ ප්‍රබල වෙයි.

ස්වාභාවික ජල ගැලීම් ඇතිවන වැසි තත්ත්වය මත නැගෙනහිර පළාත, උතුරු පළාත, බස්නාහිර හා දකුණු පළාත්වලට සුළං වලින් හේතුවන අනතුරු වන තත්ත්වයන් මතුවීමට බලයි. හදිසි විපත් හා රිය අනතුරු විපත් වැඩිවෙයි. ප්‍රවේශම්ව රිය ධාවනය කළ යුතු කාලයක් වේ.

උණ රෝග සන්නිපාත රෝග හා මදුරු විෂ මගින් ඇතිවන රෝග වලින් ආරක්ෂා විය යුතු කාලයක් වෙයි. මෙම සිදුවන ග්‍රහචාරයට අනුව පොසොන් මස අව පක්ෂයේ දශවකනම් තිතිය මෙදින උදාවෙන අතර සඳුගේ බලපෑමද මෙම අගුණ තත්ත්වයන් බලපානු ඇත.

මේෂ ලග්නය –

ඔබට සෙනසුරුගේ වක්‍රවීම මධ්‍යස්ථ ඵල උදාවේ. ආදායම් තත්ත්වයේ ඉහළ යෑමක් පෙන්වයි. වගා කරන අයට තරමක් හිත රිදීම් මතුවෙයි. නමුත් උත්සහවන්තව තම කටයුතු කර ජය ගැනීමට බලයි. රෝග ලෙස ඔ`ඵවේ කැක්කුම් මතුවේ. බඩේ අමාශ රෝග මතුවේ. සෙනසුරු දශා ඇති අයට හදිසි ධන ලාභ පවා ඇත. රාහු කේතු දශා ඇති අයට අගුණය.

වෘෂභ ලග්නය –

ඔබට සෙනසුරු ග්‍රහයා වක්‍රවීම වෙළඳාම් ව්‍යාපාරවල යම් බාධා තත්ත්වයක් මතු කරයි. අවපක්ෂයේ සඳ භේද බලපෑම මත හිතට පීඩා මතුවෙයි. නමුත් ඉගෙන ගන්නා අයට ශුභයි. විදේශගතවීම්වලට යහපත්වේ. සෙනසුරු දශාව ඇති අයට රැකියා කරන ස්ථානවල යම් බාධා මතුවීමට ඉඩ ඇත. රෝග ලෙස බඩේ අමාශගත රෝග හා තුනටියේ රිදීම් මතුවීමට ඇත. කේතු දශාව ඇති අයට අගුණයි.

මිථුන ලග්නය –

ඔබට සෙනසුරු ග්‍රහයාගේ වක්‍රවීම ඒ තරම් අගුණ නැත. ගුණ ලැබේ. නමුත් ශාස්ත්‍ර ගුරුකම් පිළිගන්නේ නැත. භාවනා කරන අයටත් ශුභයි. මාර්ගඵල ලැබීම ඇත. ඉගෙන ගන්නා අයට ශුභයි. විෂ්ණු දේවිට වඳින අයට බොහෝ ගුණ ලැබේ. රෝග ලෙස පපුවේ හිරවීම් හා ඔ`ඵවේ කැක්කුම් ඒමට ඇත. රවි හා රාහු දශා ගත කරන අයට අගුණ බලපානු ඇත.

කටක ලග්නය –

ඔබගේ කේන්ද්‍රය තුළ සෙනසුරු මාරක ස්ථානයේ වක්‍රවේ. ඔබට තිබෙන දරුණුම අෂ්ඨම නම් ඒරාෂ්ඨකයේ දුක තව තවත් දැනේ, ණයවීමට ඇත. නමුත් අඟහරු හා බ්‍රහස්පතිගේ ග්‍රහ ගමන් අනුව ඔබට යම් සහනයක් උදාවේ. රෝග ලෙස මුත්‍රාවල හා තුනටියේ වේදනා මතුවීමට ඉඩ ඇත. අඟහරු දශාව හා බ්‍රහස්පතිගේ දශා ඇති අයට කරදර බාධා අඩුවේ. සිතට සහන ගෙනදෙයි.

සිංහ ලග්නය –

ඔබගේ කේන්ද්‍රයට සෙනසුරු වක්‍රවීම ගුණ අගුණ මිශ්‍රවේ. මංගල යෝග තත්ත්වයක්ද උදාවේ. ඉගෙන ගන්නා අයට ශුභයි. ප්‍රබල විදේශ ගත වීම් පවා ඇත. විෂ්ණු කතරගම දෙව් වන්දනා මාන කරන අයට බොහෝ ශුභ ඵල අත්වෙයි. අඟහරුගේ දශා ඇති අයට ශුභයි. සෙනසුරුගේ දශා ඇති අයට පවුලේ යම් අවුල් තත්ත්ව මතු වීමට ඇත. සිකුරු දශා ඇති අයට මංගල යෝග උදාවේ.

කන්‍යා ලග්නය –

ඔබගේ කේන්ද්‍රයට සෙනසුරු වක්‍රවීම රහස් සතුරු කරදර මතු වේ. නමුත් ඒවා ජය ගත හැකිවෙන ග්‍රහ තත්ත්වයන්ද උදාවී ඇත. ඉගෙන ගන්නා අයට ශුභයි. ප්‍රබල විදේශගතවීම් පවා ඇත. රැකියාවේ දියුණුවක් ඇති වෙයි. නමුත් වියදම් තත්ත්වයන් ඉහළ යනු ඇත. රෝග ලෙස මුත්‍රාවල දෝෂ හා බඩේ දැවිලි මතු වීමට ඇත. බුද මහා දශාව සිකුරු දශාව හෝ සෙනසුරු දශාව ලබා ඇති අයට ගුණ ලැබේ.

තුලා ලග්නය –

ඔබට සෙනසුරු ග්‍රහයා වක්‍රවීම අනුව මිශ්‍ර ඵල උදාවේ. ඉගෙන ගන්නා අයට තරමක් බාධා මතු වූවත් ඒවා සම තත්ත්වයට නැවත පත්වෙයි. රැකියා තනතුරුවල වෙනස් කම් හෝ විදේශ ගතවීම්වලට අවස්ථාව උදාවෙයි. වතුරින් අගුණයි. රෝග ලෙස බඩේ රෝග හා මුත්‍රාවල දැවිල්ල මතු වීමට ඇත. කේතු දශාව අඟහරුගේ දශා ලබා ඇති අයට අගුණ තත්ත්වයන් උදාවෙයි.

වෘශ්චික ලග්නය –

ඔබගේ කේන්ද්‍රයේ සෙනසුරු ග්‍රහයා වක්‍රවීම අනුව ඔබට තරමක් දියුණුවට බාධා වන ලකුණු මතු වූවත් උත්සහය අතහරින්නේ නැතිව වැඩ කරගෙන යයි. ප්‍රබල සතුරු පරාජය කරමින් ජය ලබා ගත හැකිවනු ඇත. කතරගම දේවියන් හා විෂ්ණු දෙව් අදහන අයට අධික ශූභපල අත්වෙයි. උසස්වීම් පවා ඇත. තවද රැකියා ලාභ ඇත. ගුරු දශාව හා අඟහරු දශාව ඇති අයට යහපත් වේ. රෝග ලෙස පිටේ හා දෙපාවල රිදීම් මතු වෙයි.

ධනු ලග්න –

ඔබගේ කේන්ද්‍රය තුළ සෙනසුරුගේ වක්‍රවීම අනුව ඔබට ද යහපත් වේ. ඉගෙන ගන්නා අයට ශුභයි. විදේශවල ඉගෙන ගන්නා අයටත් ශුභයි. නිතීගරුකව නිතරම ඉන්නට බලයි. රාහු හා කේතු දශා ඇති අයට අගුණ ගෙන දෙයි. රෝග ලෙස දෙපාවල හා පපුවේ රිදීම් මතු වෙයි.

මකර ලග්නය –

ඔබගේ කේන්ද්‍රය තුළ සෙනසුරුගේ වක්‍රවීම අනුව වියදම් තත්ත්වය තරමක් ඉහළ යනු ඇත. ඉගෙන ගන්නා අයට ශුභයි.

රැවටීමට අසුවී මුදල් නාස්ති වීමක්ද ඇත. ගෙදර සාමයටද බාධා වේ. දුර ගමන් යෙදේ. රවි දශාව හා කේතුගේ දශාව ඇති අයට අගුණ ඇතිවෙයි. රෝග ලෙස දෙපාවල රිදීම් හා ඇස්වල හෝ උගුරේ ආසාදන මතුවීමට ඇත.

කුම්භ ලග්නය –

ඔබගේ කේන්ද්‍රය තුළ සෙනසුරුගේ වක්‍රවීම අනුව හිතට යම් අසහන තත්ත්වයක් ජුලි මාසයේ මැද දක්වා ඇති වෙයි. නමුත් නැවත යම් සහන තත්ත්වයක් උදාවෙයි. නිෂ්ඵල ගමන් යෙදේ. වියදම් තත්ත්වය ඉහළ යනු ඇත. නමුත් ගෙදර දොර වැඩ උනන්දුවෙන් කිරීමට හිත හදා ගනියි. රෝග ලෙස ඔ`ඵවේ කැක්කුම මතුවේ. පපුවේ හා දෙපාවල රිදීම් එයි. රාහු හා කේතු දශා ඇති අයට අගුණ වේ.

මීන ලග්නය –

ඔබගේ කේන්ද්‍රය තුළ සෙනසුරු වක්‍රවීම අනුව කලබල බව ඉක්මන් බව මතුවේ. රෝගීන්ට හා ගිලන්නුන්ට උදව් කරන්න අවස්ථා උදාවේ. නීති ප්‍රශ්න මතු වීමට ඇත. හිතවත්කම නිසා කරදර ඇති වෙයි. ඉවසීමෙන් වැඩ කරන්න. මහා ධන බලයක්ද ඇත. ඒ සඳහා උනන්දු වන්න. රෝග ලෙස ඔඵවේ බර ගතිය හා පපුවේ දැවිල්ල මතු වීමට ඉඩ ඇත. රාහුගේ දශාව කේතු දශාව ඇති අයට අගුණයි.

සෙනසුරු ග්‍රහයාගේ වක්‍රවීම අනුව ඔබට ශුභ ඵල ගැනීමට හා අශූභ වීම් ඇති නම් ඒවා වලක්වා ගැනීම සඳහා බෝධියට හා විෂ්ණු දේවිට නිල් මානෙල් මල් 7 බැගින් පූජා කරන්න. එළඟි තෙල් පහන් 3ක් විෂ්ණු රූපය ළඟ දල්වා පිං දෙන්න. සෙනසුරාදා දින උදේට එළඟි තෙල් මිශ්‍ර කිරිබත් ගුලි 9ක් සාදා කපුටු දානයක් දෙන්න. නිතරම බෝධියට වැඳ විෂ්ණු හා කතරගම දෙවියන්ට පිං දී සෙත සලසා ගන්න.

සෙනසුරු වක්‍රයේ ලග්න පලාපල

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී – පානදුර
නිහාල් හේවාබටගොඩගේ
077 418 1943

advertistmentadvertistment
advertistmentadvertistment