සෙලාන් බැංකුව 2025 වසරේ පළමු කාර්තුවේදී රු. මිලියන 4,199 ක බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සමත් විය.
මෙය 2024 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 3,704 ට සාපේක්ෂව 13.36% ක වර්ධනයකි.
2025 මාර්තු 31 දිනයෙන් අවසන් වූ මාස 3 සඳහා සෙලාන් බැංකුව රු. මිලියන 2,761 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත. මෙය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රු. මිලියන 2,295 ට සාපේක්ෂව 20.29% ක වර්ධනයකි.
2025 මාර්තු 31 දිනයෙන් අවසන් වූ මාස 3 ක කාලය සඳහා සෙලාන් බැංකුවේ ශුද්ධ පොලී ආදායම, පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රු. මිලියන 9,371 ට සාපේක්ෂව 8.37% කින් පහළ ගොස් රු. මිලියන 8,587 ක් ලෙස වාර්තා වී ඇත. වෙළඳපොළ පොලී අනුපාත පහළ යාම සහ ණය හා තැන්පතු ප්‍රතිමිලකරණය මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකයද 2024 වසරේදී වාර්තා වූ 4.90% ට සාපේක්ෂව 2025 ප්‍රථම කාර්තුවේදී 4.45% දක්වා පහළ ගොස් තිබේ. බැංකුවේ ශුද්ධ ගාස්තු මත පදනම් වූ ආදායම පසුගිය වසරේ වාර්තා වූ රු. මිලියන 1,837 ට සාපේක්ෂව 2025 පළමු කාර්තුවේදී රු, මිලියන 2,091 දක්වා 13.83% කින් ඉහළ ගොස් ඇත. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ණය, කාඩ්පත්, ප්‍රේෂණ, වෙළඳ සේවාවන් සහ වෙනත් මූල්‍ය සේවාවන් වෙතින් ලැබුණු ගාස්තු ආදායමේ වර්ධනයයි.
බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම රු. මිලියන 11,258 ක් ලෙස වාර්තා වී තිබේ. මෙය පෙර වසරේදී වාර්තා වූ රු. මිලියන 11,707 ට සාපේක්ෂව 3.83% ක පහළ යාමක් වන අතර, ශුද්ධ පොලී ආදායම පහළ යාම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත.
වෙළඳ කටයුතුවලින් ලැබුණු ශුද්ධ ආදායම, මූල්‍ය වත්කම් බැහැර කිරීමෙන් ලැබුණු ආදායම සහ ශුද්ධ වෙනත් මෙහෙයුම් ආදායම් යනාදියෙන් සමන්විත වෙනත් ආදායම් පසුගිය වසරට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කරයි.
2025 මාර්තු 31 දිනයෙන් අවසන් වූ මාස 3 ක කාලපරිච්ඡේදය තුළ බැංකුවේ සමස්ත මෙහෙයුම් පිරිවැය, 2024 වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රු. මිලියන 5,126 ට සාපේක්ෂව රු. මිලියන 5,363 දක්වා 4.62% කින් වර්ධනය වී තිබේ. ප්‍රධාන වශයෙන් කාර්ය මණ්ඩලයට ලබාදෙන ප්‍රතිලාභ වැඩි කිරීම හේතුවෙන් බැංකුවේ මානව සම්පත් පිරිවැය පෙර වසරේ වාර්තා වූ රු. මිලියන 2,718 ට සාපේක්ෂව රු. මිලියන 2,806 දක්වා 3.22% කින් ඉහළ ගොස් ඇත.
වෙනත් මෙහෙයුම් පිරිවැය සහ අවප්‍රමාණ හා ක්‍රමක්ෂය පිරිවැයද 6.19% කින් වර්ධනය වී ඇති අතර, අදාළ කාලපරිච්ඡේදය තුළ භාණ්ඩ හා සේවාවන්හි මිලගණන් ඉහළ යාම ඊට ප්‍රධාන වශයෙන් හේතු විය. විවිධ පිරිවැය පාලන විධිවිධාන ඔස්සේ මෙම පිරිවැය අවම කිරීම සඳහා බැංකුව පියවර ගනිමින් සිටී.
2024 වසරේ පළමු කාර්තුවේදී රු. මිලියන 1,555 ක් වූ බැංකුවේ හානිකරණ වියදම, මෙම සමාලෝචනයට අදාළ කාලපරිච්ඡේදය තුළ රු. මිලියන 262 දක්වා 83.17% කින් පහළ ගොස් තිබේ. මූල්‍ය ප්‍රකාශන තුළ ප්‍රමාණවත් ප්‍රතිපාදන ඇතුළත් බව සහතික කිරීම සඳහා බැංකුව විසින් ගෝලීය සහ දේශීය ආර්ථිකයේ වෙනස්කම්, ගනුදෙනුකරුවන්ගේ ණය අවදානම් පැතිකඩ සහ බැංකුවේ ණය කළඹේ ණය ගුණාත්මකභාවය ග්‍රහණය වන පරිදි හානිකරණ ණය ප්‍රතිපාදන සලසා ඇති බවට සහතික කරගැනීමට පියවර ගෙන ඇත. බැංකුවේ හානිකරණ ණය (අදියර 3) අනුපාතයේ වත්කම් ගුණාත්මකභාවයේ අනුපාතය 1.98% ක් වූ අතර (2024-2.10%), අදියර 3 ප්‍රතිපාදන ආවරණ අනුපාතය 2025 මාර්තු 31 දින වන විට 80.74% ක් වැනි යහපත් මට්ටමක පැවතිණි.