සේවිකාවගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ හෝටල් ගණකාධිකාරි රිමාන්ඩ්

168

උසස්වීමක් සහ දීමනා ලබාදෙන බවට රවටා තමන් යටතේ සේවය කළ සේවිකාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක ගණකාධිකාරිවරයකු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (06දා) නියෝග කළේය.

දඹුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක ගණකාධිකාරිවරයා හා මානව සම්පත් කළමනාකාරවරයා ලෙස කටයුතු කරන දිසානායක මුදියන්සේලාගේ දිසානායක නමැත්තෙකු එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. එකී සැකකරු දිගින් දිගටම පැමිණිලිකාරියගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටීම නිසා ඒ පිළිබඳව එම සේවිකාව තම කොමිෂන් සභාවට පැමිණිලි කළ බවත්, විමර්ශන නිලධාරීන්ගේ උපදෙස් පරිදි හෝටලයේ කාමරයකට සැකකරු සමග ගොස් සිටියදී සිදුකළ වැටලීමක් අනුව එම සැකකරු අත්අඩංගුවට ගත් බවත් විමර්ශන සිදුකළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණයට පැවසූහ. නීතිඥ කල්පන පීරිස් මහතා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් කුලරත්න මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment