සනීපාරක්ෂක භාණ්ඩ රැසක මිල ඉහළ යයි

190

අත්‍යවශ්‍ය සනීපාරක්ෂක භාණ්ඩ  රැසක මිල පසුගිය සතියේ සිට රුපියල් 05 ත් 20 ත් අතර ගණනකින් ඉහළ ගොස් ඇත.
 
 ඒ අනුව ඇඟ ගල්වන සබන්, දන්තාලේප, දත් බුරුසු, රෙදි සෝදන සබන් සහ සබන් කුඩු, රැුවුල කපන රේසර්, විෂබීජ නාශක දියර වර්ග වැනි පවතින කොවිඞ් වසංගතය හමුවේ බහුලව භාවිතයට ගැනෙන මෙවැනි භාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම නිසා තමුන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි පාරිභෝගික ජනතාව පවසති.
 
 තෙල් මිල ඉහළ යෑම මෙලෙස මෙම භාණ්ඩවල මිල ගණන් ඉහළ යෑමට හේතුව බව නිෂ්පාදකයින් සඳහන් කරන බවත් මේ වනවිට දැඩි ආර්ථික අපහසුතාවනට ලක්ව සිටින තමුන්ට කිසියම් සහනයක් ලබාදීමට රජය අපොහොසත්ව වී ඇතැයි චෝදනා කරති.
 
 සහල්, එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාරවල මිල ඉහළ ගොස් තිබෙනවා. සංචරණ සීමාවන් පනවා තිබීම නිසා ආදායම් මාර්ග ද අඩාළ වීමට ලක් වෙලා. මෙවැනි පසුබිමක අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ද ඉහළ යෑම නිසා අපි දැඩි අපහසුතාවට පත්වෙලා. රට යම් මට්ටමකට සාමාන්‍ය තත්ත්වයට පත්වනතුරු හෝ මෙවැනි භාණ්ඩවලට මිල පාලනයක් ඇති කිරීමට රජය කටයුතු කළ යුතු යැයි ද පාරිභෝගික ජනතාව වැඩිදුරටත් පැවසූහ.
 
 උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment