ඉකුත් ජුලි මාසයේදී ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ යුද ප්‍රධානියා වන මොහොමඩ් ඩෙයිෆ් ඝාතනය කෙරුණු බව ඊශ්‍රායල හමුදාව විසින් නිවේදනය කර තිබේ. ඉකුත් ජුලි 13 වැනිදා ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයට ඩෙයිෆ් ව ඉලක්ක කරගනිමින් එල්ල වූ ඊශ්‍රායල ගුවන් හමුදා ප්‍රහාරයකින් ඔහු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඊශ්‍රායල ආරක්ෂක ඇමැති යොයව් ගැලන්ට් පවසා ඇත්තේ ඩෙයිෆ් ගේ මරණය හමාස් සංවිධානය අකර්මණ්‍ය කිරීමේ මෙහෙයුමේ වැදගත් සන්ධිස්ථානයක් බවයි. කෙසේ වුවද හමාස් සංවිධානය ඩෙයිෆ් මිය යෑමේ පුවත ඊයේ (01) සවස් වන විටද තහවුරු කර නොතිබිණි.
ඉකුත් වසරේ (2024) ඔක්තෝබර් 07 වැනිදා දකුණු දිග ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරය සැලසුම් කළ පිරිසෙන් හමාස් සංවිධානයේ යුද ප්‍රධානි මොහොමඩ් ඩෙයිෆ් ද එක් අයෙකු බව හඳුනාගෙන තිබිණි. එම හමාස් ප්‍රහාරයෙන් 1200 දෙනකු පමණ මිය ගිය අතර තවත් 251 දෙනෙකු හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් පැහැරගෙන ගොස් තිබිණි.