නෙදර්ලන්තයේ ජනගහනය මිටි වේ

811

ලොව උසම මිනිසුන් වෙසෙන රට සේ සැළකෙන නෙදර්ලන්තයේ ජනගහනය මිටි වෙමින් පවතින බව නෙදර්ලන්ත පර්යේෂකයන් විසින් අනාවරණය කරගෙන තිබේ. නෙදර්ලන්ත ජනගහනය වසර 100කට අධික කාලයක් උසින් වැඩි වී සිටියද 2001 වසරේ උපත ලැබූ එරට පිරිමින් හා කාන්තාවන් 1980 දශකයේ උපත ලැබූ නෙදර්ලන්ත ජාතිකයන්ට වඩා උසින් අඩු බව ඒ පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකදී හෙළි වී ඇති බව පර්යේෂකයෝ පවසති.

මේ අනුව 2001 වසරේ උපත ලැබූ නෙදර්ලන්ත පිරිමින්ගේ උස 1980 දශකයේ උපත ලැබූ පිරිමින්ගේ උසට වඩා සෙන්ටි මීටරයකින් (අඟල් දශම 39ක්) අඩු වී ඇති බව අනාවරණය වී ඇති අතර 2001 වසරේ උපත ලැබූ එරට කාන්තාවන්ගේ උස 1980 දශකයේ උපත ලැබූ කාන්තාවන්ගේ උසට වඩා සෙන්ටි මීටර් 1.4කින්

(අඟල් .55ක්) අඩු වී ඇති බව අනාවරණය වී තිබේ. 1980 දශකයේ උපත ලැබූ නෙදර්ලන්ත පිරිමින් 1930 වසරේ එරට උපත ලැබූ පිරිමින්ට වඩා සෙන්ටි මීටර් 8.3කින් උස බව අනාවරණය වී ඇති අතර ඒ අනුව 1980 වසරේ උපත ලැබූ නෙදර්ලන්ත පිරිමියෙකුගේ සාමාන්‍ය උස අඩි 6 කි. එසේම 1980 වසරේ උපත ලැබූ නෙදර්ලන්ත කාන්තාවකගේ සාමාන්‍ය උස අඩි 5.6ක් වන අතර 1930 දශකයේ උපත ලැබූ කාන්තාවකගේ එම උස පැවතියේ අඩි 5.4 ක් වශයෙනි. මෙම අධ්‍යයනය සඳහා නෙදර්ලන්ත වැසියන් හත් ලක්ෂ දහනව දහසක් දෙනා යොදාගෙන තිබේ.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment