ඉන්දු – පාකිස්තාන් සටන් විරාමයෙන් අනතුරුව නවදිල්ලියේදී ජාතිය අමතමින් අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන් කර ඇත්තේ හමුදා ක්‍රියාමාර්ග නැවතී ඇති නමුත් ඉන්දියාවට යළිත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුවහොත් පෙරළා පහරදෙන බවයි.
කාශ්මීරයේ පහල්ගම් ප්‍රහාරයෙන් පසු එයට ප්‍රතිචාර ලෙස ඉන්දියාව පාකිස්තානයේ ත්‍රස්ත කදවුරු වෙත පහරදීම තෝරාගත් බවත්, තමා න්‍යෂ්ටික බියවැද්දීම් නොඉවසන බවත් අසල්වැසි රටේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරමින් සිටින බවත් අගමැතිවරයා පවසා තිබේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සෙනසුරාදා (10දා) දෙරට අතර සටන් විරාමයකට එකඟ වූ බව ප්‍රකාශයට පත් කළේය.
මේ අතර ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ ඉන්දියාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා පාකිස්තානය චීන හා තුර්කි මිසයිල යොදාගත් බවයි.
චතුර පමුණුව