හිටපු ජනපතිවරු නඩත්තුවට වෙන් කර ඇති මුදල් මාලිමා රජයක් යටතේ කපා දමනවා – සමන්ත විද්‍යාරත්න

39

2024 අයවැයෙන් හිටපු ජනාධිපතිවරු 4කට හා හිටපු ජනපති බිරිඳකට වෙන් කර ඇති සියලු මුදල් වියදම් ප්‍රතිපාදන නිල නිවාස ඇතුළු සියලු වරප්‍රසාද කපා දමන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

මාලිමාවේ රජයක් යටතේ පළමු කැබිනට් තීන්දුව ලෙස එම පියවර ගන්නා බව ද දෙහිඅත්තකණ්ඩියේ ගොවි රැළිය අමතා ඔහු කීය.

ජනතාව ‘බදු’ බරින් පීඩාවට පත්ව සිටින විට ධනපතින් විශාල ප්‍රමාණයක් බදු ගෙවන්නේ නැතිව සිටින බව ද ඔවුන්ට බදු නිදහස දී ඇති බව ද ඔහු කීය.

අපට අවශ්‍ය මනුෂ්‍යත්වය තිබෙන ජනාධිපතිවරයකු පත්කර ගැනීම බවත් මේ දක්වා විනාශකාරී ලෙස විධායක ජනපති ක්‍රමය දියත් වී ඇති බවත් ඔහු කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිය පාලනයක් යටතේ සාකච්ඡා කරමින් ජනතාව බදු බරින් හා වෙනත් පීඩනයන් ගෙන් නොපෙළවන තත්ත්වයකට පත්කරන බව ද විද්‍යාරත්න මහතා එහිදී පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment