හිරකරුවන්ටත් පොසොන් සහනයක්

28

අදට යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉඩ සලසා ඇත.

ඒ අනුව අද (21 දා) රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී ඇත. සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියලුම බන්ධනාගාර තුළ සිදු කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment