හෙස්බොල්ලා සංවිධානයෙන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 100ක්

388

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හෙස්බොල්ලා සංවිධානයයේ කඳවුරුවලට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර වශයෙන් සිය සංවිධානය ඊශ්‍රායල හමුදා කඳවුරුවලට පෙරේදා (11දා ) රොකට් ප්‍රහාර 100කට අධික සංඛ්‍යාවක් එල්ල කළ බව හෙස්බොල්ලා සංවිධානය පවසයි. මෙම ප්‍රහාරවලින් සිදු වූ හානිය සම්බන්ධයෙන් විස්තර අනාවරණය වී නොමැත.

මේ අතර ඊශ්‍රායල හමුදා විසින් ලෙබනනයේ බාල්බෙක් නගරයට එල්ල කළ ප්‍රහාරවලින් එක් සිවිල් වැසියෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment