හොර සිගරැට් 4600ක් රාගමින් මාට්ටු

42

රුපියල් තුන්ලක්ෂ විසි දෙදහසක් වටිනා විදේශීය සිගරැට් 4600ක් හොර රහසේ මෙරටට ගෙන්වා නීති විරෝධී දුම්වැටි ජාවාරමේ යෙදුණු පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාගම පොලිස් වසමේ පොඩිවීකුඹුර, රාගම නිවසක් ඉදිරිපිටදී 11 වැනිදා මෙම වැටලීම කර ඇත. සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 පුද්ගලයෙකි. වැඩිදුර විමර්ශන සඳහා ඔහු රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්. එම්. කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය ෂෂ හි උප පොලිස් පරීක්ෂක එස්.කේ. කාහිංගල ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment