පියෙකු මෙන් අසීරු තීරණ ගන්න සිදුවේවි… මුදල් ඇමැති ධුරයේ වැඩ භාරගනිමින් බැසිල් කියයි… ආයතන 51ක වගකීම බැසිල්ට

170
පියෙකු මෙන් අසීරු තීරණ ගන්න සිදුවේවි... මුදල් ඇමැති ධුරයේ වැඩ භාරගනිමින් බැසිල් කියයි... ආයතන 51ක වගකීම බැසිල්ට

ශ්‍යාම් නුවන් ගනේවත්ත සහ අනුර බාලසූරිය
 
 පොදුජන අවශ්‍යතා ඉටු කිරීම රජයේත් තමාගේත් ප‍්‍රමුඛතම කාර්ය බවත් ඇතැම් විට පියෙකු මෙන් අමිහිරි තීන්දු ගැනීමට සිදුවනු ඇති බවත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
 
 ඊයේ (08 දා* උදෑසන සිය අමාත්‍ය ධුරයේ දිවුරුම් දී මුදල් අමාත්‍යාංශයේ දී රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් පසු ඇමැතිවරයා එසේ කීවේය. මෙහිදී වැඩිදුරටත් කතා කළ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

 ගොවියා, ධීවරයා, කම්කරුවා, රාජ්‍ය සේවකයා, ඒ වගේම වෘත්තීයවේදීන් අද මේ රටේ විශාල ලෙස සියලූ අංශවලට බලපෑම් කරනවා. ඒ අයගේ සහයෝගය අපට අවශ්‍යයි. ඒ නිසා මම මෙතනදී කටයුතු කරන්නේ ඔබේ අමාත්‍යවරයා හැටියට වඩා ඔබගේ සහායකයෙක් හැටියටයි. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ නායකත්වය සහ මගපෙන්වීම මෙහිදී අපට අත්‍යවශ්‍යයි. ඒ වගේම සියලූ මහජන නියෝජිතයින් ඇතුළු සියලූ දෙනාගේ, සියලූ මට්ටම්වල සහයෝගය අපට අවශ්‍යයි.

මේක ලොකු අමාරු කාර්යයක්. අපි අභියෝගය භාර ගනිමු. අපි සියලූ දෙනාම එකට වැඩ කරමු. අපිට අවබෝධයක් තියෙනවා මොකද්ද ප‍්‍රශ්නේ කියලා. ඒක ජනාධිපතිතුමාට, අගමැතිතුමාට මේ රජයේ සියලූදෙනාට තියෙනවා. නමුත් සමහර වෙලාවට පියෙක්ට වගේ සමහර අමිහිරි දේවල් කරන්න වෙයි. ඒ වුණත් අපි ඒවා අවංකව ජනතාව වෙනුවෙන් කරන දේවල් කියලා හිතනවා. ඒකට සහයෝගය දෙන්න කියා ඉල්ලා සිටිනවා.
 
 මේ අවස්ථාවට මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල, මුදල් රාජ්‍ය ඇමැතිවරුන් වන අජිත් නිවාඞ් කබ්රාල් හා ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් මහතා ද මේ අවස්ථාවට එක් විය.

ආයතන ගණන  51 ක් වගකීම  බැසිල්ට
 
 
 ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස පත්වූ බැසිල් රාජපක්ෂ මහතා රජයේ නව මුදල් ඇමැතිවරයා ලෙස ඊයේ (08 දා* පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
 
 මුදල් ඇමැති ධුරය මෙතෙක් හිමිව තිබුණේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතේය. බැසිල් රාජපක්ෂ මහතාට මුදල් ඇමැති ධුරය පැවරීමත් සමග අගමැතිවරයා ආර්ථික ප‍්‍රතිපත්ති හා සැලසුම් කි‍්‍රයාත්මක කිරීමේ ඇමැතිවරයා ලෙසින් දිවුරුම් දුන්නේය.
 
 මෙම දිවුරුම් දීම් ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම ඇමැති ධුර සංශෝධනයට අමතරව වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන නමින් නව රාජ්‍ය අමාත්‍යාංශයක් ද ඇතිකර තිබේ. එම විෂය පථය මෙතෙක් පැවතියේ නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැර කිරීමේ හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමැති නාලක
 
 ගොඩහේවා මහතා යටතේය. නව මුදල් ඇමැතිවරයා වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා ඊයේ උදෑසන ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට පැමිණ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ මන්තී‍්‍රවරයකු වශයෙන් දිවුරුම් දුන්නේය.
 
 ඉන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේම මුදල් අමාත්‍යාංශය වෙත ගොස් වැඩ ආරම්භ කළේය.
 
 ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරයකු ලෙස පත්කළ ජයන්ත කැටගොඩ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්තී‍්‍ර ධුරයට පක්ෂය විසින් බැසිල් රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසමට ඉදිරිපත් කිරීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා මන්තී‍්‍රවරයකු ලෙස පත් කෙරිණි. මෙලෙස ඇමැතිධුර වෙනස්වීමත් සමග ඒවාට හිමි විෂය පථය ද අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත්කර ඇත.
 
 එම ගැසට් නිවේදනය අනූව නව අමාත්‍යාංශවලට අයත් රාජ්‍ය ආයතන මෙසේය.
 
 නව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට අයත් අමාත්‍යාංශයේ විෂය පථයන්ට ආයතන 51 ක් ඇතුළත්ය. ඒවා මෙසේය, මහා භාණ්ඩාගාරය, රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්ති, ජාතික අයවැය, කළමනාකරණ සේවා, විදේශ සම්පත්, රාජ්‍ය මුදල්, භාණ්ඩාගාර මෙහෙයුම්, වෙළඳ හා ආයෝජන ප‍්‍රතිපත්ති, තොරතුරු තාක්ෂණ කළමනාකරණ, නීති කටයුතු කළමනාකරණ, විගණන, සංවර්ධන මූල්‍ය, දේශීය ආදායම්, රේගු, සුරාබදු, ආනයනය හා අපනයන පාලන දෙපාර්තමේන්තු, ජාතික හා සංවර්ධන ලොතරැුයි මණ්ඩල, ශී‍්‍ර ලංකා මහ බැංකුව, සියලූ රාජ්‍ය බැංකු මූල්‍ය, රක්ෂණ හා ඒවායේ පාලිත සමාගම්, ආශි‍්‍රත ආයතන, ණය තොරතුරු කාර්යාංශය, සමාගම් රෙජිස්ට‍්‍රාර් දෙපාර්තමේන්තුව, ශී‍්‍ර ලංකා සුරැුකුම්පත් හා විනිමය කොමිසම, ශී‍්‍ර ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව ගැසට් කර තිබේ.
 
 මෙයට අමතරව ලෝහොර් ආර්ය අරමුදල, වර්ජන කෝලාහල, සිවිල් කලබල හා ත‍්‍රස්තවාදය පිළිබඳ අරමුදල, ජාතික රක්ෂණ අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල, ශ‍්‍රම වාසනා අරමුදල, ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල, වකුගඩු, තේශක්ති, කප්රුක, බුද්ධ ශාසන, බෞද්ධ පුනරුද, සීමාසහිත නිපුණතා සංවර්ධන, දේශීය ණය සහ සංවර්ධන නිමැවුම්කරුවන්ගේ තුරුසවිය හා මධ්‍යම සංස්කෘතික අරමුදල, රාජ්‍ය සේවා විශ‍්‍රාමිකයන්ගේ භාර අරමුදල, විදුලි සංදේශ දෙපාර්තමේන්තුව, වනජීවී භාරය, ශී‍්‍ර ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය, අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව, මාංශ භෝග හා ධාන්‍ය පර්යේෂණ නිෂ්පාදන අධිකාරිය, සීමාසහිත ජනතා ෆර්ටිලයිසර් එන්ටර්ප‍්‍රයිසස්, දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල, මුදල් අමාත්‍යාංශ විෂය පථයට ගැසට් කර ඇත.
 
 අගමැති මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන් නව ආර්ථික ප‍්‍රතිපත්ති හා සැලසුම් කි‍්‍රයාත්මක කිරීමේ අමාත්‍යාශ විෂය පථයට ජාතික ක‍්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ප‍්‍රතිපත්ති අධ්‍යාපන ආයතනය, තිරසර සංවර්ධන සභාව, කොම්ප්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය, තක්සේරු දෙපාර්තමේන්තුව, ශී‍්‍ර ලංකා ගිණුම් හා විගණන ප‍්‍රමිති සමීක්ෂණ මණ්ඩලය, ශී‍්‍ර ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, සුබසාධක ප‍්‍රතිලාභ මණ්ඩලය හා රාජ්‍ය සේවා අන්‍යොන්‍ය අර්ථසාධක සංගමය හා ආයතන දහයක් ගැසට් කර තිබේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන, නිවාස අමාත්‍යවරයා වශයෙන් තවදුරටත් කටයුතු කරයි. රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා මහතාට අයත් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට නාගරික සංවර්ධන අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, පොදු පහසුකම් මණ්ඩලය, සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඞ් ආයතනය හා රාජ්‍ය සංස්ථා හතර නම් කර ඇත.
 
 වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යාංශයට ශී‍්‍ර ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව හා එහි පාලිත සමාගම් සහ අනුබද්ධ සමාගම්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ඇතුළත් කර ඇත.

 අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment