පෙරපාසල් ක්‍රමය හරිආකාරව සිදුවන්නේ නැහැ – ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ

45

මෙරට පෙරපාසල් ක්‍රමවේදය හරිආකාරව සිදු නොකෙරෙන බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (14දා) කීවාය.

දැනට කරගෙන යන මෙම ක්‍රමවේදය තුළ දරුවන්ට ඉදිරි අධ්‍යාපන කටයුතු නිසි ආකාරයෙන් කර ගැනීමට මග පෙන්වීමක් සිදුවන්නේ නැතැයිද විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළාය.

එබැවින් පෙරපාසල් දරුවන් නිසි ආකාරයෙන් සමාජගත කිරීම සඳහා රජය විසින් නිසි වැඩපිළිවෙළක් හඳුන්වා දීමට ඉදිරියේදී කටයුතු කරන බව ඇමැතිවරිය කීවාය.

මේ අතර පෙරපාසල් ගුරුවරියන් සඳහා විශේෂ පුහුණුවක් ලබා දීමට වැඩපිළිවෙළක් ලබන ජුනි මස සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment