සිංහල අවුරුද්දට පෙර පොලිස් ලොක්කන් හතරකට මාරුවීම්

183


සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනෙකු ස්ථාන මාරුකිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
ඒ අනුව වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රජිත ශ්‍රී දමින්ද, ඌව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත සහ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරු මෙලෙස ස්ථාන මාරුවනු ඇති බව සඳහන් වේ.

එමෙන්ම පුත්තලම කොළඹ අපරාධ කොට්ඨාශය මානව සම්පත් කලමනාකරණ කොට්ඨාශය සහ පොලිස් දුක්ගැනිවිලි යන ඒකක භාර නිලධාරීන් ද ස්ථාන මාරු කරනු ඇති බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment